Citizen.lk
 

ජනපති සහ ගෝඨාභය ඝාතන සැලැස්ම හෙළි කළ නාමල් කුමාර පොලිස් ඔත්තුකරුවෙක්

ජනපති සහ ගෝඨාභය ඝාතන සැලැස්ම හෙළි කළ   නාමල් කුමාර පොලිස් ඔත්තුකරුවෙක් 				 | Namal Kumara is a police spy
Thu 20 September 2018 8:37 am
474 views

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතන කුමන්ත‍්‍රණය හෙළි කළ නාමල් කුමාර නමැත්තා පොලිස් ඔත්තුකරුවෙකු බව කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

විවිධ අවස්ථාවන්හිදී පොලිසියට අවශ්‍ය තොරතුරු මොහු ලබාදී ඇතැයිද රෝහින්ග්‍යා සරණාගතයන් පිළිබඳව ඔත්තු ලබාදීම නිසා ඔහුට රුපියල් ලක්‍ෂ 5 ක් පොලිසිය ලබාදී ඇතැයිද ඇමැතිවරයා කීය.

කෙසේ වෙතත් මොහු ඉදිරිපත් කළ චෝදනාව බරපතල නිසා අවශ්‍ය විමර්ශන කටයුතු දිගටම සිදුකරන බවද පොලිස්පතිවරයා පරීක්‍ෂණවල ප‍්‍රගතිය ජනපතිට හා අගමැතිට දැනුම්දී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

එමෙන්ම දිගන ගැටුම පිළිබඳවද ඔහු තොරතුරු ලබාදී ඇති නමුත් මේ වනතෙක් ඔහුට ගෙවීම් සිදුකර නැති බවද කලබලයේ ඔහු එවැනි දෙයක් කිරීමට එම මුදල් නොගෙවීම හේතුවක් විය හැකි බවද හෙතෙම කීය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News