Citizen.lk
 

ක්‍රිකට් ආයතනයේ කෝටි ගණනක වංචාවට හිටපු සභාපතිට සමීපතම සේවකයින් දෙදෙනෙකුගේ නම් ගෑවෙයි ?

ක්‍රිකට් ආයතනයේ කෝටි ගණනක වංචාවට හිටපු සභාපතිට සමීපතම සේවකයින් දෙදෙනෙකුගේ නම් ගෑවෙයි ? | 2 SLC employees under probe over HK bank account scam
Wed 19 September 2018 3:52 pm
396 views

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවන්නට ගිය කෝටි ගණනක මුදල් වංචාවක් පිළිබඳව පසුගියදා තොරතුරු අනාවරණය වූ අතර ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට CIDය විසින් විමර්ශන සිදුකරමින් සිටිනවා.

මෙහිදී අනාවරණය වූ තොරතුරු අනුව ඉන්දීය විකාශන ආයතනය වන සෝනි (Sony) සමාගම විසින් පවසා තිබුණේ ඔවුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු විසින් මුදල් බැර කිරීම සඳහා ලබාදී තිබුණේ හොංකොං හි මූල්‍ය ආයතනයක ගිණුමක් බවයි.

මෙම ගිණුම ෆන්යා සිලු නම් ආයතනයක් විසින් 2017 වසරේදී විවෘත කර තිබෙන බවයි පසුව සොයාගනු ලැබුවේ. ඒ අනුව මෙම ගිණුම ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරන සේවකයෙකු හා සේවිකාවකගේ නම්වලට බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා හිටපු ක්‍රිකට් සභාපතිවරයාගේ සමීපතමයින් දෙදෙනෙක් වන අතර මේ දෙදෙනා හොංකොං රටට ගොස් මෙම ගිණුම විවෘත කිරීම සිදුකර ඇති බවත් ඒ සඳහා මුදල් ලබා දී ඇත්තේ ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙලේ නිලධාරියෙකු බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර තිබෙනවා.

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News