Citizen.lk
 

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට අනිවාර්ය නිවාඩු - හඬපට එළියට දැමූ නාමල් සැඟවෙයි

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට අනිවාර්ය නිවාඩු - හඬපට එළියට දැමූ නාමල් සැඟවෙයි | Minister recommends DIG Nalaka Silva to be sent on compulsory leave
Wed 19 September 2018 2:08 pm
379 views

පසුගියදා මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කරන ලද හඬපටයකින් කියැවුණු රජයේ ඉහළ පෙලේ නිලධාරීන්ට සිදුකරන්නට යන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් සැකකෙරෙන ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ට අනිවාර්ය නිවාඩු ලබා දෙන ලෙස නීතිය හා සාමය අමාත්‍යංශය විසින් පොලිස් කොමිසමට උපදෙස් දී තිබෙනවා.

ඉදිරි පරීක්ෂණ කටයුතු ස්වාධිනව කරගෙන යාම සඳහා මෙම තීරණය ගෙන තිබෙනවා. මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කරන ලද පුද්ගලයාගෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර නම් වන ඔහු මේ වනවිට සිය පදිංචි ප‍්‍රදේශය අතහැර යාමට තීරණය කර තිබෙනවා.

රජයෙන් ලබා දී ඇති ආරක්ෂාව ප‍්‍රමාණවත් නොවන නිසා මෙම තීරණය ගත් බවයි ඔහු මාධ්‍යවෙත පවසා තිබුණේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News