Citizen.lk
 

මේ තේරුම් කමිටුව ගෙදර යවන්න හරි සූදානම් - ක්‍රීඩා ඇමති පරාජය ගැන ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න කරන්නට යයි

මේ තේරුම් කමිටුව ගෙදර යවන්න හරි සූදානම් - ක්‍රීඩා ඇමති පරාජය ගැන ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න කරන්නට යයි | Faizer Musthafa Speaks About Sri Lanka Team Lost Asia Cup
Wed 19 September 2018 1:32 pm
2,598 views

පසුගියදා පැවති තරඟවලින් නොසිතූ පරාජයන් හිමිකරගත් ශ්‍රී ලංකා පිලට එම පරාජයන් සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පියවර ගෙන තිබෙන බවට වාර්තා වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණි වහාම ක්‍රීඩකයින් මෙන්ම තේරීම් කමිටුව, පුහුණුකරු යන පාර්ශයන් කැඳවා ඒ පිළිබඳව ප්‍රශ්න කරන බවයි ඔහු පවසා සිටියේ.

එමෙන්ම අවශ්‍ය වුවහොත් වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව ඉවත් කර ඒ සඳහා වෙනත් පුද්ගලයන් පත් කිරීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදීන් අමතා පැවසා සිටියා.

ඔහු මෙහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා තිබුණා,

'මෙම පරාජය ගැන ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මම ඉතාම කනගාටු වෙනවා. ක්‍රීඩාවේදී අපි ජය පරාජය දෙකම භාරගන්න ඕන. හැබැයි ක්‍රිකට්වලදී අපි බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාජය වීම ප්‍රශ්නයක්. එනිසා මම ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට බලාපොරොත්තු වෙනවා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු, තේරීම් කමිටුව සහ ක්‍රීඩකයන් සමග කතා කරලා මේ සම්බන්ධයෙන් කරුණු දැනගන්න. හේතුව අපි ලෝක මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යම් ස්ථානයක සිටි ජාතියක්.

අපේ අනෙක් ක්‍රීඩාවලට සාපේක්ෂව ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය කරන සියලුම පහසුකම් සපයලා තියෙනවා. අපි ක්‍රිකට් ලෝක ශුරතා දෙකක් දිනලා තියෙනවා. එනිසා මේ වගේ පසුබෑමක් සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් කළ යුතුයි. මම මාධ්‍යයෙනුත් ඉල්ලා සිටිනවා අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගැනත් හිතන්න කියලා. ඔවුන් විශාල පසුබෑමකට ලක්වෙලා තියෙනවා. වැරදි තියෙන්න පුළුවන්. හැබැයි අපේ ඉලක්කය විය යුත්තේ ඒ වැරදි හදාගෙන ඉදිරි ගමන සුබදායී කරගැනීමයි.

මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙමෙයි. එනිසා අපි කණ්ඩායමේ පුහුණුකරුගෙන්, තේරීම් කමිටුවෙන් සහ ක්‍රීඩකයන්ගෙන් අහන්න ඕන මේ පරාජයට හේතු. අපි පරාද වෙද්දි ඕන දෙයක් කියන්න පුළුවන්. ඒ වගේම දිනුවම ආඩම්බර වෙනවා. එනිසා අපේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගැන හිතන්න අවශ්‍යයි. ක්‍රීඩකයන් කලකිරීමෙන් ඉන්නේ ඔවුන්ගේ මේ පසුබෑම ගැන. එනිසා අපේ ඉලක්කය වෙන්න ඕන මේ පසුබෑම හදාගෙන ඉදිරියට යන එකයි"

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News