Citizen.lk
 

එක්දින ශ්‍රේණි ගත කිරීමේ ලයිස්තුවේ නැති හොංකොං කණ්ඩායම ප්‍රබල ඉන්දියාවට තියුණු සටනක් දී ලකුණු 26 කින් පැරදුණ හැටි

එක්දින ශ්‍රේණි ගත කිරීමේ ලයිස්තුවේ නැති හොංකොං කණ්ඩායම ප්‍රබල ඉන්දියාවට තියුණු සටනක් දී ලකුණු 26 කින් පැරදුණ හැටි  | India post hard-fought 26-run win over Hong Kong
Wed 19 September 2018 8:57 am
1,057 views

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස ඉන්දියාව සහ හොංකොං කණ්ඩායම් අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති තරගය ලකුණු 26 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්විය. ඒ අනුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 285 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 105 කදී සිය 14 වැනි එක්දින ශතකය ලබාගත් ශීකර් ධවාන් ලකුණු 127 ක් ලබා ගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 286 ක ඉලක්කයක් හඹාගිය හොංකොං කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 259 ක් පමණි.

හොංකොං කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්වූ නිසාකට් ඛාන් සහ නායක අන්ෂුමාන් රාත් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 205 කදී ලකුණු 174 ක් රැස්කරමින් සාර්ථක ආරම්භයක් ලබාදුන්නද සෙසු පිතිකරුවන්ගේ සහයෝගය නොලැඹීම හේතුවෙන් තරගය පරාජයට පත්විය.

ඛලීල් අහ්මඞ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවු නිසාකට් ඛාන් පන්දු 115 කදී හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 92 ක් රැස්කිරීමට සමත්විය. නිසාකට් ඛාන්ට අනගි සහයක් ලබාදුන් අන්ෂුමාන් රාත් ආරම්භයේදී ලකුණු ලබාගැනීම සෙමින් සිදුකළද අර්ධ ශතකය ලබාගැනීමෙන් අනතුරුව ලකුණු ලබාගැනීම වේගවත් කළේය. පන්දු 97 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 73 ක් රැස්කිරීමට අන්ෂුමාන් රාත් සමත්විය.

මංගල තරගයට සහභාගීවූ ඛලීල් අහ්මඞ් සහ යුස්වේන්ද්‍ර චහල් කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. කුල්දීප් යාදව් කඩුලු 2 ක් දවාගත්තේය.

ශීකර් ධවාන්ගේ (127) විශිෂ්ට පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 285 ක් රැස්කිරීමට සමත්විය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News