Citizen.lk
 

සිදුවු අනතුර පසෙක තබා ජනතාව ඉන්ධන එකතු කරයි

සිදුවු අනතුර පසෙක තබා ජනතාව ඉන්ධන එකතු කරයි | People add fuel
Tue 18 September 2018 4:40 pm
284 views

කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඉන්ධන ප්‍රවාහනය කළ අංක 6493 දරණ දුම්රිය ගැටීමෙන් අලින් දෙදෙනකු සහ ගැබ්බර ඇතින්නකු මරණයට පත්ව ඇත.අද (18) අළුයම 4.15ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ පලුගස්ඔය-ගල්ඔය දුම්රිය ස්ථාන අතර 127/1 කනුව අද්දරදීය. මෙම අනතුරින් මරණයට පත්වු ඇතින්නගේ කුසතුළ සිටි පැටවාගේ සිරුරද පිටතට පැමිණ ඇති අතර එම දුම්රියේ M2-591 දරණ එන්ජිම සහ තෙල් ටැංකි 2ක් පීලි පැන ඇත.

මේ සියල්ල සිදුවී තිබෙන අවස්ථාවක අලීන් තිදෙනෙකු ද එම ස්ථානයේ ම මියගොස් තිබිය දී ප්‍රදේශවාසීන් එක්ව ඉතා කඩිසරව ඉන්ධන පෙට්ටි තුළින් කාන්දුවන ඉන්ධන පුරවා ගන්නා ආකාරයක් කැමරා කාචයේ සනිටුහන් විය. සිදුවු අනතුර පසෙක තබා ජනතාව වැඩි වශයෙන් ඉන්ධන එකතු කිරීමට අවශ්‍ය භාණ්ඩ නිවෙස් තුළින් රැගෙන එන අයුරු ද අපට දක්නට ලැබිණි.

පීලි පැනීමට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත් කරන තුරු කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වන දුම්රිය මහව දක්වාත් මඩකලපුව සිට කොළඹට ධාවනය වන දුම්රිය ගල්ඔය දක්වාත් ධාවනය කෙරෙනු ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළ අතර, හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

පීලිපැනීමට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සදහා මේ වන විට කණ්ඩායමක් එම ප්‍රදේශය බලා පිටත්ව ගිය බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News