Citizen.lk
 

ඩී.අයි.ජී. නාලක සිල්වා ත්‍රස්ත විමර්ශනයෙන් ඉවත් කරයි

ඩී.අයි.ජී. නාලක සිල්වා ත්‍රස්ත විමර්ශනයෙන් ඉවත් කරයි | DIG Nalaka De Silva transferred to the Police IT Division
Tue 18 September 2018 1:20 pm
493 views

දූෂණ විරෝධී බළකායේ චෝදනාවකට ලක්ව සිටින ත්‍රස්ත විමර්ශන අංශයේ නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි තොරතුරු තාක්ෂණ කොට්ඨාසය වෙත මාරු කර ඇති බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

‍පොලිස්පතිවරයාගේ නියෝග මත ‍පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුව ලබා දී තිබේ.
මෙම නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ‍පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර වහාම එම පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට ඉකුත් දා (14දා) නියෝග කෙරුණි.

මේ අතර මෙම නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා විසින් පාතාලයේ මාකඳුරේ මධුෂ් ලවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කරවීටම සූදානම් යැයි කරුණු අනාවරණ කළ දූෂණ විරෝධී බළකායේ නාමල් කුමාර මහතා පදිංචි වරකා‍පොළ නිවසට ගොස් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පැය හතකට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණ.

එමෙන්ම එහිදී ප්‍රකාශ කිරීමට මග හැණු යමක් ඇත්නම් හා ඔහුගේ ජංගම දුරකථනය භාරදීමට ඊයේ (17දා) දිනඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.ඒ අනුව ඊයේ දින පැමිණ අදාළ තොරතුරු ඇතුළත් ජංගම දුරකථනය ‍පොලීසිය වෙත බාර දෙනු ලැබිය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News