Citizen.lk
 

පොලිස්සියේ වැඩ දාපු ප්‍රදානින් යලිත් ඇතුලට

පොලිස්සියේ වැඩ දාපු ප්‍රදානින් යලිත් ඇතුලට | The officers who worked with the police are back in
Tue 18 September 2018 1:16 pm
109 views

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා ලබන ඔක්තෝම්බර් මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අද (18) යළි කටයුට්තු කෙරුණා. ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ ලබාදුන් නියෝගයකට අනුවයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබෙනවා. ඇප ඉල්ලා ඔවුන් විසින් ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම් කොළඹ මහාධිකරණය මීට පෙර ප‍්‍රතික්ෂේප වුණා.

සිද්ධියට අදාල පරීක්ෂණවලදී හමුවු ටී 56 අවි 25ක් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා. මේ වන තෙක් එම වාර්තාව ලැබී නොමැති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News