Citizen.lk
 

පුතු එල්ලුම්ගහට යවා මව සසුන්ගත වෙයි.

පුතු එල්ලුම්ගහට යවා මව සසුන්ගත වෙයි. | She will be sent to her son's ghost.
Wed 12 September 2018 5:09 pm
1,037 views

17 හැවිරිදි පාසල් සිසුවිය දූෂණය කර මරා දැමූ ගිරිබාව සාලිය අශෝකපුර යාය දෙක ප්‍රදේශයේ පදින්චි තම පුතා එල්ලා මරණවාට කැමැත්ත ප්‍රකාශ කරමින් පොලිසිය වෙත ලියුමක් යැවූ මව මෙහෙණි සසුනට එකතු වී තිබෙනවා. ආර්.කේ. කසුමාවතී නමැති ඇය ඊයේ (11) දින හිරියාල, පළුගොල්ල කුණ්ඩගල ආරණ්‍ය සේනාසනයේදී රාජාංගණයේ ධම්මදින්නා ලෙස මෙහෙණි සසුනට එකතු වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙහෙණි සසුනට එකතු වූ අැය තමන්ට අවස්ථාවක් ලබා දුන්නහොත් තම පුතා අතින් මිය ගිය දියණියගේ නිවසට වැඩම කර එම දියණියට පින් අනුමෝදන් කිරීමේ ධර්ම දේශනාවක් කිරීමට විශාල බලාපොරොත්තුවක් ඇති බවද මෙහෙණින් වහන්සේ ප්‍රකාශකර තිබුණා. එසේම අනන්ත අප්‍රමාණ වූ දුක් කම්කටොළුවලින් පිරි මේ සංසාරෙන් එතෙර වීමට අධිෂ්ඨාන කරගෙන ජීවිතයේ ඉතිරි කාලය භාවනායෝගීව වැඩ වාසය කරන බවත් ගිහි ජීවිතය අතහැර දැමීමට හේතුව මධුෂාණි දියණියගේ දුක්ඛිත මරණය බවත් ඇය ප්‍රකාශ කර තිබුණා.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇය ලිපියක් ලියමින් නීච පාපතර අපරාධකාර පුතෙක් බිහි කළ පවට ඔබ සැමගේ සාපය මා හට පළ දී ඇති බවත්, තමන්ගේ පුතා වන සාහසික මිනීමරුවා එල්ලා මැරීමට මාගේ කිසිම අකමැත්තක් නොමැති බවත් සඳහන් කරමින් ලිපියක් ලියා එය පොලිසිය වෙත එවා තිබුනේ ඝාතනයට ලක් වූ දියණියගේ අවමංගල්‍ය උත්සවයේදී එම ලිපිය කියවන ලෙස ඉල්ලීමක්ද කරමින්.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News