Citizen.lk
 

විනාඩි පහේ Charge එකෙන් පැය 2ක කතා කාලයක් සමඟ OPPO F9 කරළියට - වීඩියෝ

විනාඩි පහේ Charge එකෙන් පැය 2ක කතා කාලයක් සමඟ OPPO F9 කරළියට - වීඩියෝ | OPPO F9 Launch Sri Lanka
Thu 06 September 2018 12:37 pm
794 views

OPPO F series දුරකථන එකතුවේ නවතම දුරකථනය වන OPPO F9 දුරකථනය ප‍්‍රථම වරට පසුගියදා කොළඹ පැවති උත්සවයකදී ශ‍්‍රී ලංකාවට හඳුන්වාදෙනු ලැබීය.

මෙහි ඇතුළත් සුවිශේෂී අංගයක් වන OOC Flash Charging මගින් විනාඩි 5 ක ආරෝපණයකින් පැය 2 ක කතා කාලයක් හිමිවන අතර ලොව ප‍්‍රථම වරට දුරකථනයක Gradient Color Design සමග Waterdrop Design හඳුන්වා දී තිබේ.

Sunrise Red සහ Twilight Blue වර්ණ සංයෝගයන්ගෙන් පැමිණෙන මෙම දුරකථනය එළඹෙන සැප්තැම්බර් 08 වැනි දින ලිබර්ටි ප්ලාසා හිදී පැවැත්වෙන OPPO Fans meet-up වැඩසටහනේදී මෙන්ම දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතවරුන්ගෙන් මිලදී ගැනීමේ අවස්ථාව හිමි වේ.

6.3" ‘Waterdrop Screen’ නිමාව, ඉහළ Screen to body ratio අනුපාතය (90.8%), සුවිශේෂී Gradient වර්ණ සහ 3500 mAh බැටරිය වැනි අංග රැසක් සමගින් පැමිණෙන OPPO F9 සුපුරුදු ලෙසම Selfie විශිෂ්ටත්වය මෙන්ම අධිවේගයෙන් ආරෝපණය වන, දිගු කල් පවතින බැටරියක් සමගින් ලබාගත හැක.

" OPPO F9 " යනු OPPO සමාගමට පේටන්ට් බලපත‍්‍ර හිමි OOC Flash Charging වැනි අතිනවීන තාක්ෂණික අංග සමග VOOC Flash Charging වැනි අලංකාර නිමාවක් එක්තැන් කරන අපූර්ව නිර්මාණයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඒ වගේ ‘water-drop’ නිමාව සහිත දුරකථනයක් ශ‍්‍රී ලංකාවට පැමිණෙන ප‍්‍රථම අවස්ථාවද මෙයයි. මේ ‘water-drop’ හෙවත් දිය බිංදුවක හැඩය එක්තරා දුරකට ශ‍්‍රී ලංකාවේ හැඩයට සමාන වීමත් විශේෂත්වයක් යැයි OPPO Sri Lanka සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බොබ් ලී (Bob Li) මහතා පැවසීය.

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News