Citizen.lk
 

ඇස් නටවා ලොවක් වශි කළ ප්‍රියා ප්‍රකාශ් ඉස්ලාම් ආගමට අවමන් කර නැති බව අධිකරණය තීන්දු කරයි

ඇස් නටවා ලොවක් වශි කළ ප්‍රියා ප්‍රකාශ් ඉස්ලාම්  ආගමට අවමන් කර නැති බව අධිකරණය තීන්දු කරයි   | Wink not blasphemous says Supreme Court, clears actor
Mon 03 September 2018 11:40 am
457 views

චිත්‍රපට දර්ශනයක තිබූ ඉඟි පෑමේ දර්ශනයක් නිසා සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධිය පත් වූ රංගන ශිල්පිනියකට එරෙහිව මුස්ලිම් කණ්ඩායම් ගොනු කළ නඩුවක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කර තිබේ. ශිල්පිනියගේ ඉඟි පෑම "ආගමට අවමන් කරන" බව සඳහන් කරමින් මෙම නඩුව පවරා තිබිණි.

මලයාලම් චිත්‍රපට ගීතයක ඉඟි පාන දර්ශනයක් නිසා ප්‍රියා ප්‍රකාශ් වරියර් (Priya Prakash Varrier) මෙම වසරේ ඉන්දියානු සමාජ ජාල තුළ මහත් ප්‍රසිද්ධියට පත් විය. මුහම්මද් නබි නායකතුමාගේ බිරිඳ ගැන සඳහන් වන "පූජනීය ගීතයක්" චිත්‍රපටයකට යොදාගැනීම මෙන්ම මෙවැනි ඉඟි පෑම් ඉස්ලාම් ආගමට අවමන් කිරීමක් බව පැමිණිලිකරුවෝ පවසති.

මෙම නඩුවේ පැමිණිලිකරුවන් ගීතය "වැරදියට වටහා ගෙන" ඇති බව රංගන ශිල්පිනිය පැවසීය. අදාළ ගීතය චිත්‍රපටයෙන් ඉවත් කරන්න යැයි ඉල්ලීම් කරමින් මුස්ලිම් කණ්ඩායම ගොනු කළ නඩුවේ ප්‍රියා ප්‍රකාශ්, චිත්‍රපටයේ අධ්‍යක්ෂ සහ නිෂ්පාදකවරයා මුල් නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

"යම් පුද්ගලයෙකු චිත්‍රපටයක ගීතයක් ගයනවා. ඔබට වෙන වැඩක් නැති නිසා ගීතයට එරෙහිව නඩු පවරනවා" යැයි පවසමින් ඉන්දියානු අගවිනිසුරු දීපක් මිශ්රා අදාළ නඩුව නිශ්ප්‍රභ කළේය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News