Citizen.lk
 

වී කිලෝවකට රු50ක සහතික මිලක් ඉල්ලයි

වී කිලෝවකට රු50ක සහතික මිලක් ඉල්ලයි  | Rs. 50 A guaranteed price   -  FOR Rice seeds
Mon 03 September 2018 11:12 am
520 views

වී අස්වැන්න නෙලීම මේ දිනවල ආරම්භ කොට තිබෙන බවත් එමෙන්ම වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබා දෙන ලෙසටත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කර සිටී.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටි . බී. සරත් මහතා දඹුල්ලේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පැවසීය. වී මිල විශාල වශයෙන් පහත වැටී තිබුනද සහල් නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් සහල් කිලෝවක් ජනතාවට අලෙවි කරනු ලබන්නේ රුපියල් සීයකට බව සරත් මහතා පෙන්වාදුන්නේය.

මේ හේතුව නිෂ්පාදන වියදම වැඩි වීම නිසා වී කිලෝවක සහතික මිල රුපියල් 50 බවට පත් කළ යුතු යැයි හෙතෙම සඳහන් කළේය. මෙවර වී අස්වැන්න විශාල වශයෙන් රටේ අඩු වී ඇති බවත් පොලොන්නරුව සහ අවට ප්‍රදේශවල වී වගාවට කීඩෑ උවදුර සහ පුරුක් පණු රෝගය බෝවීම නිසා ගොවීන්ට විශාල කරදරයකට මුහුණ පෑමට සිදුවී ඇතැයි සරත් මහතා සඳහන් කළේය.

මෙම කීඩෑ උවදුර ඇතිවීමට ප්‍රධානම හේතුව බවට පත්ව ඇත්තේ ජල කළමනාකරණ ජල පාලක කමිටුව විසින් ගන්නා තීන්දු තීරණ නිසා බවත් ගොවීන්ට ජලය ලබාදීමේ දී වී වගාව සඳහා ජලය ප්‍රමාද කොට ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස මේ තත්ත්වය උදා වී ඇති බව ද සඳහන් කළේය .

දිගින් දිගටම ජලය ලබාදීමේ දී නියම කාලයට ජලය ලබාදීමට අපොහොසත් වීම නිසා ගොවීන්ට බරපතල හානි ගණනාවක් සිදු වී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News