Citizen.lk
 

හරියටම හරියන ෆෝන් එකක් හොයාගන්න එක හරිම වැදගත් - OPPO F9 ගැන මනීෂා - රවීන් කියූ කතාව

හරියටම හරියන ෆෝන් එකක් හොයාගන්න එක හරිම වැදගත් - OPPO F9 ගැන මනීෂා - රවීන් කියූ කතාව | OPPO F9 launch Maneesha Chanchala Raveen Kanishka Interview
Sun 02 September 2018 4:58 pm
852 views

පහුගිය දවසක අපි රවින් කනිෂ්කවයි මනීෂා චංචලාවයි මුණගැහුණා. අපි කතාකළේ එයාලට ගොඩක් සමීප දෙයක් ගැන. ඒ තමයි එයාලගේ මොබයිල් ෆෝන්. මේ තියෙන්නේ අපි අතර ඇතිවුණු පුංචි සංවාදය.

1. ඔයා ගොඩක් කාර්ය බහුලයි නේද? කොහොමද වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සමබර කරගන්නේ.
රවින් - රංගන ශිල්පියෙක් සහ ගායකයෙක් විදිහට කටයුතු කරද්දී අමාරුම දේ තමයි කාලය කළමනාකරණය කරගැනීම. හැම තිස්සෙම රූපගත කිරීම් සිද්ධවෙන තැනකට, ගීත පටිගත කිරීමකට නැත්නම් රූපවාහිනී වැඩසටහන් වලට යන්න සිද්ධ වෙනවා.

කොහොම වුණත් වෘත්තියත් පෞද්ගලික ජීවිතයත් අතර සමබරතාව පවත්වා ගැනීම තමයි සාර්ථක ජීවිතයක රහස. අපේ ජීවිතේට අත්වැලක් වෙන අය අපිත් එක්ක ඉන්නවා නම් සහ එහෙම අත්වැලක් වෙන දේවල් අපට තියෙනවා නම්, මේ සමබරතාව ඇතිකර ගන්න එක එච්චර ගැටලූවක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට හරි විදිහේ ජංගම දුරකථනයක් තියන එක පෙන්වලා දෙන්න පුළුවන්. මොකද ඒකෙන් මගේ ප‍්‍රශ්න බාගෙට බාගයක් අඩුවෙනවා.

මනීෂා - මම හිතන්නේ මෙතන තමයි ගොඩක් අයට වරදින තැන. මේ දවස් වල හැමෝම පළවෙනි තැන දෙන්නේ රස්සාවට මිසක් ජීවිතේ බැඳීම් වලට නෙමෙයි. මම හැමතිස්සෙම හිතන්නේ දවසට හරියට ලෑස්ති වෙලා, කාලය හරියට සැලසුම් කරගෙන, අපේ ජීවිත එක්ක බැඳිලා ඉන්න අය වෙනුවෙන් කාල වේලාව වෙන්කරගෙන, පුළුවන් උපරිම තරම් කාලයක් එයාලා එක්ක ගතකරන්න ඕනේ කියලයි. ඇත්තටම මට පවුලේ අයගෙන් හරි යාළුවන්ගෙන් හරි එන කෝල් එකක් මිස් වෙන්නේ හරිම කලාතුරකින්.

2. ඔයාගේ ජංගම දුරකථනය ඔයාට කොච්චර වැදගත්ද?
රවින් - ඒක ඇත්තටම හිතනවට වඩා වැදගත් ප‍්‍රශ්නයක්. මේ වෙනකොට මගේ ෆෝන් එක මට බොහොම ප‍්‍රයෝජනවත් දෙයක් බවට පත්වෙලා තියනවා. ඕක කරදරයක් නොවුණු අවස්ථාවල් නොතිබුණාම නෙමෙයි. ඒත් තමන්ට හරියටම හරියට ෆීචර්ස් තියන ෆෝන් එකක් හම්බවුණාට පස්සේ ඒ ප‍්‍රශ්නේ ඇතිවෙන්නේ නැහැ.

මනීෂා - මොන දේ කළත් මම ඉස්සරලාම බලන්නේ මගේ ෆෝන් එක මගේ ගාව තියනවද කියලා. මගේ හොඳම යාළුවා මගේ ෆෝන් එක. මගේ දේවල් කළමනාකරණය කරගන්න උදවු වෙන්නෙත් මගේ ෆෝන් එකේ. කොටින්ම මගේ මේක්-අප් ආටිස්ට් පවා මගේ ෆෝන් එක තමයි.

3. ෆෝන් එකක් ගනිද්දී ඔයා සැලකිලිමත් වෙන්නේ මොන වගේ දේවල් ගැනද?
රවින් - ප‍්‍රධාන දේ තමයි බැටරියේ චාර්ජ් එක කොච්චර වෙලාවක් තියනවද කියන එක. මොකද පැය ගණන් බැටරිය චාර්ජ් වෙනකල් බලාගෙන ඉන්න මට වෙලාවක් නැහැ.
අනික් සාධක සහ වර්ණ සහ විශේෂත්වය.

මනීෂා - පෙනුම තමයි මම මුලින්ම බලන්නේ. මම කැමතියි ලස්සන, දිලිසෙන පාට වලට. ඒ වගේම ෆෝන් එක වෙනස්ම එකක් වෙන්න ඕනේ. ගෙනියන්න ලේසි වෙන්න ඕනේ, මොකද ෆෝන් එක හැම වෙලාවෙම අතේ තියන දෙයක් නිසා. කරදර අඩු වෙන්නත් ඕනේ. දැන් ගොඩක් ෆෝන් වර්ග ඉක්මනට බැටරි බහින නිසා හැම තිස්සෙම ගොඩක් වෙලා චාර්ජ් කරන්න වෙනවා. මම එහෙම ආසා නැහැ. ඒ නිසා මම හැමතිස්සෙම ඉක්මනට චාර්ජ් වෙන ක‍්‍රමයක් තියන ෆෝන් එකක් තෝරාගන්න කැමතියි.

කැමරාව ගැනත් මම උනන්දුයි. මොකද Facebook එකටයි Instagram එකටයි දාන ෆොටෝ ගොඩක් වෙලාවට ගන්නේ ෆෝන් එකේ කැමරාවෙන්. ඒ නිසා හොඳම මට්ටමේ කැමරාවක් තියන ෆෝන් එකක් මට අවශ්‍ය වෙනවා.

4. මේ ඔක්කොම දේවල් තියන ෆෝන් එකක් හම්බවෙලා තියනවද?
රවින් - මම හිතන්නේ ඔවු. ඕකට හොඳම විසඳුම තමයි OPPO F9.
මනීෂා - මම හිතන්නේ OPPO F9 එකේ මේ සේරම තියනවා.

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News