Citizen.lk
 

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියට Dialog 4G Home Broadband අනුග්‍රාහක සවිය සපයයි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියට Dialog 4G Home Broadband අනුග්‍රාහක සවිය සපයයි | Dialog 4G Home Broadband Powers first Asian Volleyball Championship to be hosted in Sri Lanka
Wed 22 August 2018 2:38 pm
613 views

ආසියානු වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන් සහ ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානයෙන් ලබන සැප්තැම්බර් මාසයේදී කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත පළමු ආසියානු අභියෝගතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලිය සඳහා අනුග‍්‍රාහක සවිබලය සැපයීමට සුපිරි අධිවේගී Dialog 4G Home Broadband ඉදිරිපත්ව සිටියි.

රටවල් 8ක සහභාගීත්වයෙන් සැප්තැම්බර් 15 වැනිදා ඇරඹෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් 22 වැනිදා ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට යෙදී තිබේ.

ආසියානු කලාපීය රටවල් අතර වොලිබෝල් තරගකාරීත්වය වැඩිදියුණු කිරීමේ සංකල්පයට අනුව ආසියානු වොලිබෝල් සම්මේලනය විසින් පළමු වරට පවත්වන්නට යෙදෙන මෙම තරගවාලිය සඳහා මැලේසියාව, හොංකොං, සවුදි අරාබිය, එක්සත් අරාබි එමිරේට්ස්, බංගලිදේශය, මොංගෝලියාව සහ ඉරාකය සමග සත්කාරක ශ‍්‍රී ලංකාව තරග වදිති.

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News