Citizen.lk
 

ඥානසාර හිමියන්ගේ දඬුවම ගැන ජනාධිපති නැවත සිතිය යුතුයි

ඥානසාර හිමියන්ගේ දඬුවම ගැන ජනාධිපති නැවත සිතිය යුතුයි | The President should think again of the punishment of Gnanasara Thera
Tue 21 August 2018 3:07 pm
209 views

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව අනුනායක ධුරයෙන් පිදුම්ලද පූජ්‍ය දෙදියවල තිලකසිරි මාහිමිපාණනන් වහන්සේ වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපහාර පිරිනමා තිබේ.

ඒ ඊයේ (20) පස්වරුවේ කළුතර, දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙන් විහාරස්ථානයේ පැවති උත්සවයකදීයි.කළුතර, දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙන් විහාරස්ථානය වෙත ඊයේ පස්වරුවේ ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුව ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව විහාරස්ථානයේ අභිනව ධර්ම ශාලා මන්දිරය සඟ සතු කොට පුජා කිරීම ද සිදුකරනු ලැබුවාය.

අනතුරුව ජනාධිපතිවරයා අනුනාහිමි උපහාර උත්සවය සදහා එක්වූ අතර අභිනව අනුනායක ධුරයෙන් පිදුම්ලද පුජ්‍ය දෙදියවල තිලකසිරි මාහිමිපාණනන් වහන්සේ වෙත විජිනිපත පිළිගැන්වීම ද සිදු කළේය. කෝට්ටේ ශ්‍රී කල්‍යානී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව විසින් උන්වහන්සේ වෙත මෙම ධුරය පිරිනමා තිබෙන්නේ විහාරස්ථාන කිහිපයක ආධිපත්‍ය හොබවමින් දෙදියවල තිලකසිරි නාහිමියන් ශාසනික හා සමාජයීය වශයෙන් ඉටුකරන ප්‍රශස්ත සේවය අගයමින්ය.

මෙම උත්සවයට එක්වූ කෝට්ටේ ශ්‍රී කල්‍යානී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල හිමිපාණන් වහන්සේ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ලබා දී ඇති දඞුවම සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

එහිද උන් වහන්සේ පැවසුවේ ජනාධිපති බල තල උපයෝගිකර ගනිමින් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට දි ඇති දඬුවම සම්බන්ධයෙන් සලකා බලන ලෙසය. රට ආගම ජාතිය පිළිබඳව ජිවිතය කැපකරමින් සිටින භික්ෂුන් වහන්සේලා මර්ධනය කිරිමද සිදු වන උන් වහන්සේ පැවසීය.

මිට පෙර සිටි ජනාධිපතිවරුන් විවිධ අපරාධ සඳහා දඬුවම් ලැබ සිට පුද්ගලයන්ව පොදු සමාව යටතේ නිදහස් කර අති බවද පුජ්‍ය කොටපිටියේ රාහුල හිමිපාණන් වහන්සේ පැවසීය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News