Citizen.lk
 

කැලණි ගඟ වේල්ල අවට පදිංචිකරුවන්ට මහල් නිවාස

කැලණි ගඟ වේල්ල අවට පදිංචිකරුවන්ට මහල් නිවාස |  Flats to the residents of the Kelani Rive
Mon 20 August 2018 1:03 pm
252 views

කැලණි ගඟ වේල්ල ඇතුළත පදිංචි අනවසර පදිංචිකරුවන්ට විකල්පයක් ලෙස මහල් නිවාස ලබාදීමට සුදසු ඉඩම් වෙන්කිරීම සඳහා රජය පියවර ගෙන ඇති බවත්, කැලණි ගඟ වේල්ල ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක්ව පවතින බැවින් මෙම පියවර ගත් බවත් ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

වේල්ල ඇතුළත රක්ෂිතයෙහි අනවසර පදිංචිකරුවන් විකල්ප ස්ථානවල පදිංචි කරවීමට සුදසු ඉඩම් වෙන්කිරීම සඳහා, කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් යෝග්‍යතා වාර්තාවක් සකස් කර ඇති බවත්, කැලණි ගඟ වේල්ල ඇතුළත හා ගඟ ආශ්‍රිතව නිවාස 1,033ක් පවතින අතර, ඉන් අනවසර නිවාස 588ක් පවතින බව එමගින් පෙන්වා දී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැලණි ගඟ වේල්ල ඇතුළත සහ ගඟ ආශ්‍රිතව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ඇති නිවාස පිළිබඳ එම වාර්තාව මගින් පෙන්වා දී ඇති ආකාරයට කැලණිය, සිංහාරමුල්ල, පිලපිටිය, මෑවැල්ල, පෙතියගොඩ, පට්ටිය නැගෙනහිර, පට්ටිය බටහිර, පට්ටිය උතුර, පෑලියගොඩ ගඟබඩ සහ පෑලියගොඩ වත්ත යන ප්‍රදේශවල මෙම නිවාස ඉදිකර ඇත.

කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සකස් කර ඇති වාර්තාවට අනුව ගඟෙහි වේල්ල ඇතුළත පදිංචිකරුවන් වෙනුවෙන් ලබාදිය හැකි වඩාත් උචිත විසඳුම් ලෙස යෝජනා කර ඇත්තේ දැනට වතු නිවාස ලෙස පවතින භූමිවල මහල් නිවාස ඉදිකිරීමයි.

මේ සඳහා කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි වඩාත් යෝග්‍ය රජයේ විවිධ දෙපාර්තමේන්තු හා අධිකාරී සතු ඉඩම් කිහිපයක් පිළිබඳව පෙන්වා දී ඇත. මේ අනුව අංක 263බී සිංහාරමුල්ල උතුර ග්‍රාම නිලධාරී වසමෙහි අත්කම් නිවාස ඉඩමෙන් අක්කර 1 රූඩ් 1ක්, අංක 174 පෑලියගොඩ ගඟ බඩ වසමෙහි නෙල්ලිගහ වත්ත අක්කර 4 රූඩ් 3ක් සහ අංක 174බී ගඟබඩ නැගෙනහිර වසමෙහි පෝරණුව කොටුව වත්ත ඉඩමෙන් අක්කර 15ක් යොදා ගත හැකි බව එම වාර්තාව මගින් යෝජනා කර තිබේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News