Citizen.lk
 

මී උණ රෝගීන් වාර්තාවීම ඉහළට

මී උණ රෝගීන් වාර්තාවීම ඉහළට | Rat fever reports increase
Mon 20 August 2018 12:48 pm
218 views

මී උණ රෝගීන් වාර්තාවීම ඉහළ යමින් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, වසරේ ගතවූ කාලය තුළ මී උණ වැළඳුණු රෝගීන් 2691 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ, රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 436 කි.

කළුතර, ගම්පහ ගාල්ල දිස්ත්‍රික්කවලින් ද මී උණ වැළඳුණු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ.

කුඹුරු ආශ්‍රිත ප්‍රදේශවල වැඩි වශයෙන් මී උණ රෝගීන් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ.

මී උණ ව්‍යාප්තිය පාලනය සඳහා ගොවි ජනතාවට ඊට අවශ්‍ය ඖෂධ ලබාදෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News