Citizen.lk
 

දේශීය අර්තාපල් ගොවීන්ට ඉහළම මිලක්

දේශීය අර්තාපල් ගොවීන්ට ඉහළම මිලක් | Domestic potato farmers have the highest price
Mon 20 August 2018 10:23 am
682 views

ආනයනික අර්තාපල් කිලෝවකට රුපියල් 40ක තීරුබද්දක් පැනවීමෙන් අනතුරුව දේශීය අර්තාපල් කිලෝවක් මේ වන විට රුපියල් 140ත්, 160ත් දක්වා මිලකට දේශීය ගැනුම්කරුවන් විසින් මිලදී ගනු ලබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

අමාත්‍යංශය පවසනුයේ, දේශීය අර්තාපල් ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා ඉතිහාසයේ මෙතෙක් ලද ඉහළම මිල මෙම අස්වනු නෙළීමේ කාලය තුළදී ලැබී ඇති බවයි.

ඒ අනුව ඇතැම් විට ප්‍රමාණය ඉක්ම වූ අර්තාපල් අස්වැන්නක් ලැබණද, දේශීය අර්තාපල් කිලෝවක ගැනුම් මිල රුපියල් 100ත්, 120ත් දක්වා අතරමැදි තත්ත්වයක පවතිනු ඇති බවටයි අමාත්‍යාංශය අපෙක්ෂා කරන්නේ.

අර්තාපල් අස්වනු නෙළා ගැනීමට මසකට පමණ පෙර සිට ආනයනකරුවන් විසින් විදේශීය අර්තාපල් තොග මෙරටට ගෙනැවිත් ගබඩා කර තබා ගැනීම හරහා දේශීය නිෂ්පාදන අවම මිලකට මිලදී ගැනීමට පුරුදුව සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව මෙවර දේශීය අර්තාපල් අස්වනු නෙළා ගැනීමට මාස එකහමාරකට පෙර ආනයනික අර්තාපල් කිලෝවකට රුපියල් 40ක තීරු බද්දක් පැනවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත් අතර එසේම සහල් ආනයනය අවම කිරීම සඳහා ශත 25ක්ව තිබූ බද්ද රුපියල් 70 දක්වා වැඩි කර ඇති අතර, එමගින් දේශීය වී ගොවියාට ඉහළ මිලක් ලබාදීම රජයේ අරමුණ වී තිබෙනවා.

මේ වන විට යල කන්නයේ වී වගාවේද අස්වනු නෙළා ගන්නා අතර, වී අලෙවි මණ්ඩලය විසින් රුපියල් 38ක් හා රුපියල් 41ක් වශයෙන් වී මිලදී ගැනීම හේතුවෙන් පෞද්ගලික අංශයේ වී මිලදී ගන්නන් විසින් වී කිලෝවක් වී අළෙවි මණ්ඩලය විසින් ගෙවන මුදලට වඩා රුපියල් 10ක් පමණ වැඩි වශයෙන් ගෙවා ගොවීන්ගෙන් මේ වන විට වී මිලදී ගනු ලබනවා.

කෙසේ වෙතත් ඉදිරියේදී බඩඉරිඟු සහ ලුනු සඳහාද මෙවැනි පියවරක් අනුගමනය කරන අතර එමගින් දේශීය ගොවියා ශක්තිමත් කර, ඔවුන් තවදුරටත් වගාව සඳහා උනන්දු කර වීම රජයේ අරමුණ වනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News