Citizen.lk
 

මට එක් කෙනෙක් කොන්ත්‍රාත් එකක් දුන්නා. ඩිලන්ත මාලගමුව ඝාතනය කරන්න කියලා - ඩිලන්ත මාලගමුව ඝාතන සැලස්ම ගැන හෙළි වුන හැටි

මට එක් කෙනෙක් කොන්ත්‍රාත් එකක් දුන්නා. ඩිලන්ත මාලගමුව ඝාතනය කරන්න කියලා -  ඩිලන්ත මාලගමුව   ඝාතන  සැලස්ම ගැන හෙළි වුන හැටි | dilantha malagamuwa Assassination Plan
Sun 19 August 2018 9:30 am
2,548 views

ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකුවන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැසුමක් පිළිබඳව පසු ගිය දිනක පොලීසිය විසින් අනාවරණය කර ගත්තේය. මාතරදී අත්අඩංගුවට ගැනුණු පාතාල සාමාජිකයකුගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතන සැලැස්ම පිළිබඳව තොරුතුරු හෙළිවී තිබුණ අතර සැකකරු ගෙන් තොරතුරු ලබා ගත්තේ මෙලෙසින්ය.

‘‘අතපය හතර හොඳට තියාගෙන මේ විදිහට මංකොල්ල කන්න උඹට ලැජ්ජ නැද්ද? කාටවත් බරක් නොවී ජීවත් වෙන්න ඉගෙන ගනින්. උඹලා වගේ අය නිසා තමයි අහිංසක මිනිසෙකුටවත් පාඩුවේ ජීවත් වෙන්න බැරි. උඹල වගේ අය හදපු දෙමාපියන්ට විතරක් නොවෙයි මුළු රටටම වධයක්. උඹ හිතනවා ඇති අපරාධ කරලා හැංගිලා ඉන්න. එහෙම වෙන්නේ නැහැ. කවදාවත් ඒක මතක තියා ගනින්. රටේ නීතියක් තියෙනවා. ඒවායින් දැන් වැඩක් නැහැ. උඹ කරපු අපරාධ සියල්ල දැන් කියන්න ඕනෑ එකක් නෑර. නැත්නම් මම නරක මිනිහා කියලා කියන්න එපා....

‘‘අනේ නැහැ. බුදු සර්. මම එහෙම අපරාධකාරයෙක් නොවෙයි. මම සහභාගි වුණේ මේ මංකොල්ලයට විතරයි. ඇත්තමයි සර් මම කියන්නේ...

‘‘යකෝ මාව ගොනාට අන්දන්න ලැහැස්ති වෙන්න එපා. උඹට වඩා හොඳ කෙරුම්කාරයොත් එක්කත් මම ගනුදෙනු කරලා තියෙනවා. ඒක නිසා මගේ යකා අවුස්ස ගන්නෙ නැතිව කියපන් උඹ කරපු අපරාධ ටික...

එම පොලිස් නිලධාරියාගේ පෙනුමටත් කතාවටත් අත්අඩංගුවට පත්වූ සැකකරු බිය විය. එම ස්ථානයේ සිටින අන් පොලිස් නිලධාරීන්ට වඩා මෙම පොලිස් නිලධාරියා වෙනස් අයෙකු බව සැකකරු අවබෝධ කර ගත්තේය. තව අනවශ්‍ය වචනයක් හෝ කතා කළහොත් අතපය කඩා ගැනීමට සිදුවන බව සැකකරු දැන ගත්තේය.

ඔහු අත්අඩංගුවට පත්වන්නේ පසුගිය දිනක මාතර ප‍්‍රදේශයේ සිදුවූ දරුණු ගණයේ මංකොල්ලකෑමක සැකකරුවකු ලෙසින් ය. සැකකරු එම පොලිස් නිලධාරීන් ඉදිරියේ මංකොල්ලය සිදු කළ ආකාරය සහ එයට සහභාගි වූ පුද්ගලයන් ආදිය පිළිබඳ සියලූ තොරතුරු අකුරක් නෑර පැවසුවේය.

සැකකරු මංකොල්ලය පිළිබඳ තොරතුරු පවසා පෙර සිදු කළ අපරාධ කිහිපයක්ද එම පොලිස් නිලධාරීන් ඉදිිරියේ වැමෑරුවේය. එහෙත් ඔහුගෙන් ප‍්‍රශ්න ඇසීම සිදු කළ පොලිස් නිලධාරියාට එම තොරතුරු ප‍්‍රමාණවත් නොවීය. ඉදිරියට සිදු කරන්න යන අපරාධ ගැන ද ඔහු විමසුවේය. සැකකරු එවැනි කිසිවක් නොමැති බව පළමුව පැවසුවේය. එහෙත් එම පොලිස් නිලධාරියාට එය ප‍්‍රමාණවත් නොවීය.

‘‘මම එක පාරකුත් කිව්වේ මම දන්නවා උඹලා ගැන හොඳට. ඒක නිසා මට පොත් පෙරළන්න හදන්න එපා. කියපන් ප්ලෑන් කළේ මොනවද ඉදිරියේදී කරන්න...

‘‘එහෙම ප්ලෑන් එකක් තිබුණේ නැහැ සර්. මම කරපු අපරාධ ගැන සේරම කිව්වා. මම අහිංසකයි සර්...

‘‘අහිංසක නම් ඔය වගේ අපරාධ කරනවද. උඹගෙ මූණ බැලූවහම කියන්න පුළුවන් මට කොයිවගේ කෙනෙක්ද කියලා. හිතේ හිරකරන් ඉන්න එක කියපන්. කිව්වේ නැත්නම් ඊළඟ පාර මම අහන්නේ මෙහෙම නෙවෙයි...

‘‘නැහැ සර්. මට එක් කෙනෙක් කොන්ත‍්‍රාත් එකක් දුන්නා. ඝාතනය කරන්න කියලා ‘පුද්ගලයෙක්ව..

‘‘ඔන්න ඔහොම වරෙන් පුතේ. එතකොට දෙගොල්ලන්ටම පහසුයි. කියපන් කාවද මරන්න හදන්නේ...

‘‘ඩිලන්ත මාලගමුව..

‘‘ඩිලන්ත මාලගමුව කියන්නේ මෝටර් රථ ධාවන ශූරයාවද?..

‘‘ඔව් එයාව තමයි..

‘‘එතකොට පිස්තෝලය තියන් හිටියේ එයාව මරන්නද?..

‘‘ඔව් ඒකට තමයි..

‘‘කවුද කොන්ත‍්‍රාත් එක දුන්නේ..

‘‘මගේ යාළුවෙක් තමයි සෙට් කළේ..

‘‘කවුද කියපන් මිනිහෝ බබා පාට් දාන්නේ නැතිව.

එම පොලිස් නිලධාරියා ඉතා උස්හඬින් එලෙස පැවසුවේය.

සැකකරු යළිත් බියට පත් විය. එලෙස බිය වූ ඔහු ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීම සඳහා තමාට පැවසූ පුද්ගලයා ගැන සියලූ තොරතුරු පැවසුවේය. ඔහු කැලණිය එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු ආසන සංවිධායකවරයෙකි. එයට අමතරව ඔහු ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්‍ෂවරයකු වශයෙන් ද කටයුතු කළේය. නමින් ඔහු බෙවන් පෙරේරා ය.

ඩිලන්ත මාලගමුව ඝාතන සැලැස්ම පිළිබඳ තොරතුරු සියල්ල අත්අඩංගුවට ගත් සැකකරුගෙන් එම පොලිස් නිලධාරියා දැන ගත්හ. එහි සිටි එක් පොලිස් නිලධාරියෙක් ඩිලන්ත මාලගමුවට දැඩි කැමැත්තක් දැක්වූ අයෙකි. ඔහුගේ හොඳම රසිකයෙකි. මෙම සිද්ධිය අසා ඔහු මහත් කම්පනයට පත්විය. කෙලෙස හෝ මේ පිළිබඳව ඩිලන්ත මාලගමුව දැනුවත් කළ යුතු යැයි ඔහු කල්පනා කළේය.

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ සිටියේ ඉතාලියේය. ඒ මෝටර් රථ ධාවන තරගයකට සහභාගි වෙමින්ය. එම ධාවන තරගය අවසන්වී දින කිහිපයකට පසු ඔහු ශ්‍රි ලංකාවට පැමිණියේය. ශ්‍රි ලංකාවට පැමිණි විගස ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණේය. ඒ ඔහුට කැමැති පොලිස් නිලධාරියාගෙන්ය.

‘‘ඩිලන්ත මාලගමුවද?.

‘‘ඔව් කතා කරනවා..

‘‘මම පොලිසියෙන්....... අහවල් නිලධාරියායි පවසමින් අතිශය පෞද්ගලික කතාවක් කියන්න තියෙන බව ඩිලන්තට පැවසීය.

‘‘කියන්න මල්ලි මොකක්ද කාරණාව..

‘‘අයියේ මුලින්ම කියන්න ඕනෑ මම ඔයාගේ රසිකයෙක්...

‘‘බොහොම ස්තුතියි. මල්ලි.. ඒකට

‘‘දෙවැනි කාරණය ටිකක් බරපතළ එකක්..

‘‘කමක් නැහැ ඕනෑ දෙයක් කියන්න..

‘‘අයියව මරන්න සැලසුමක් තියෙනවා...

එය ඇසීමෙන් ඩිලන්ත මාලගමුව එක්වරම තුෂ්ණිම්භූත විය. කුමක්ද මේ කියන්නේ කියා ඔහුට අදහා ගැනීමට නොහැකි විය. කවුරුන් හෝ විහිළුවක් කරනවා දැයි එක්වරම ඔහුට සිතුණි. එහෙත් මෙවැනි විහිළුවක්. නැවතත් ඔහු තමන්ට තොරතුරු කියූ පොලිස් නිලධාරියා සමග සම්බන්ධ විය.

‘‘කොහොමද ඒක දැනගත්තේ. මට නම් හිතාගන්න අමාරුයි. මොකද මම කාටවත් වරදක් කරපු පුද්ගලයෙක් නෙවෙයි. මම මගේ පාඩුවේ ජීවත් වන කෙනෙක්...

‘‘ඒක අපිත් දන්නවා. ඔබ මේ රටට විශාල කීර්තියක් අත්කර දුන් කෙනෙක්. තවමත් එහෙමයි. ඔබට මෙවැනි තර්ජනයක් ආපු එක ගැන තමයි අපිටත් ගැටලූව...

කරුණාකරලා මට ඒ පිළිබඳව විස්තර ටිකක් දැන ගන්න පුළුවන් ද?

‘‘අනිවාර්යයෙන්ම ඒක කියන්න තමයි මම කතා කළේ. ඩිලන්ත අයියේ ඔයා අපේ රටට විශාල සම්පතක්. ඒක නිසා ඔයාව අපි ආරක්‍ෂා කරන්න ඕනෑ..

එලෙස පවසමින් එම පොලිස් නිලධාරියා මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට සියලූ විස්තර අකුරක් නෑර පැවසුවාය. බෙවන් පෙරේරා නම කියවුණු සැනින් ඩිලන්ත මාලගමුවට සියල්ල මතක් විය.

ඩිලන්ත මාලගමුව මෙයට වසර කිහිපයකට පෙර වතු සංවර්ධන මණ්ඩලයෙන් බද්දට ඉඩමක් ලබාගත්තේය. ඒ නාවලපිටිය ප‍්‍රදේශයෙන්ය. ඉන්පසු ඔහු එම ඉඩමේ වගා කළේය. ඔහු සියල්ල සිදු කළේ නීත්‍යනුකූල ලෙසයි.

කලක් යද්දී ඔහුගේ එම ඉඩම අත්කර ගැනීමට බෙවන් පෙරේරා උත්සාහ කළේය. එවකට ඔහු ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්‍ෂවරයකු ලෙසද කටයුතු කළේය. කලක් ඩිලන්ත සහ බෙවන් අතර මෙම ඉඩම සම්බන්ධයෙන් ආරවුල් ඇති විය. ඩිලන්ත පැවසුවේ නීත්‍යනුකූලව තමා පවරාගෙන ඇති බැවින් එම කාලසීමාව තුළ ඉඩමේ අයිතිය තමන්ගේ නමට ඇති බවයි. එම නිසා පිටස්තර කෙනකුට එම ඉඩමේ අයිතිය භුක්ති විඳීමට නොදෙන බවයි.

බෙවන් සටන අත්හැරියේ නැත. ඔහුට උවමනා වුණේ කෙලෙස හෝ එම ඉඩම තමන්ගේ ඥාතියකුට පවරා ගැනීමටයි. ඒ සමඟම ඩිලන්ත සහ බෙවන් අතර ආරවුල් ඇතිවිය. එහි ප‍්‍රතිඵලයක් ලෙස බෙවන් පෙරේරා ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමට උත්සාහ කළ බව අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණය කළේය.

අවසානයේ තමාගේ ජීවිතයට මරණ තර්ජන ඇති බව පවසමින් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව බෙවන් පෙරේරාට එරෙහිව ‘‘පොලිසියේ පැමිණිල්ලක් දැමුවේය. මෙම ලිපිය ලියන මොහොත වනවිටත් ඒ පිළිබඳව අදාළ පොලිස් නිලධාරීහු පරීක්‍ෂණ පවත්වමින් සිටිති. එම නිසා වරදකරු කවුරුන්ද නිවැරැදිකරු කවුරුන්ද යන්න අපට තවම පැවසිය නොහැක. එහෙත් එකක් කිව යුතුය. ඩිලන්ත මාලගමුව යනු ශී‍්‍ර ලංකා නාමය ජාත්‍යන්තරය ඉදිරියේ බැබළ වූ පුද්ගලයෙකි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News