Citizen.lk
 

කැබිනට් පත්‍රිකාව නාවාට දුම්රිය සමිති රැස්වීමක් අද - නැවතත් වැඩ වර්ජනයකට යාමේ සුදානමක්

කැබිනට් පත්‍රිකාව නාවාට දුම්රිය සමිති රැස්වීමක් අද - නැවතත් වැඩ වර්ජනයකට යාමේ සුදානමක් | Cabinet meeting scheduled to be held at Nawara railway station today
Wed 15 August 2018 10:59 am
154 views

දුම්රිය රියැදුරු නියාමක, ස්ථානාධිපති, පාලක හා අධීක්ෂණ කළමනාකාර යන ශ්‍රේණිවල වැටුප් විෂමතා ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් පොරොන්දුව අනුව එම කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඊයේ (14) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණයක් නොලැබීම නිසා නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීම පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අද (15) පෙරවරුවේ දුම්රිය වෘත්තීය සමිති රැස්වන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ එකමුතුවේ සමකැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පවසනවා.

මෙම ශ්‍රේණිවල වැටුප් විෂමතාව ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව අත්හිටුවීම පිළිබඳව විරෝධය දක්වා දුම්රිය රියැදුරු, නියාමක, පාලක සහ ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ දින හතරක වර්ජනය අවසන් කළේ එම කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව අනුවයි.

කෙසේ වෙතත් එම පොරොන්දුව අනුව කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඊයේ (14) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතව තිබුණා.

වැටුප් විෂමතාව ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව දුම්රිය වෘත්තීය සමිති පෙරේදා මුදල් ඇමැති මංගල සමරවීර මහතා සමග සාකච්ඡා කළ අතර ජනාධිපතිවරයා පොරොන්දු වුවද තමාට එය කළ නොහැකි බව මුදල් ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කළ බවයි ආරියරත්න මහතා ප්‍රකාශ කළේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News