Citizen.lk
 

2018 වසරේ ලොව ජීවත් වීමට වඩාත් සුදුසු නගරය හා නුසුුදුසුම නගරය මෙන්න

2018 වසරේ ලොව ජීවත් වීමට වඩාත් සුදුසු නගරය හා නුසුුදුසුම නගරය මෙන්න | The city and the worst place to live in is the world in 2018
Tue 14 August 2018 12:16 pm
903 views

2018 වසරේ ලොව ජීවත් වීමට වඩාත් සුදසු නගරය බවට ඔස්ට්‍රේයාවේ, වියානා අගනුවර පත්ව තිබෙනවා.

ඒ 2011 වසරේ සිට 2017 වසර දක්වා වසර 07 ක කාලයක් අඛණ්ඩව පෙරමුණේ පසුවූ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දෙවන ස්ථානයට පත් කරමින්.

දර්ශකයේ පළමු නගර 10 අතරට ඔස්ට්‍රේලියාවේ නගර 03 ක්, කැනඩාවේ නගර 03 ක් සහ ජපානයේ නගර 02 ක් ඇතුලත්ව ඇති බවයි වාර්තා වන්නේ.

“ද ඉකොනොමිස්ට්” සඟරාව විසින් ලොව පුරා රටවල් 140 ක නගර සැලකිල්ලට ගනිමින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කෙරෙන මෙම දර්ශකය සකස් කිරීමේදී අදාළ නගරයේ දේශපාලන සහ සමාජීය ස්ථාවරභාවය, අධ්යායපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, සංස්කෘතිය ආදී කරුණු සලකා බැලෙනවා.

දර්ශකයට අනුව ලොව ජීවත් වීමට නසුදසු ම නගරය බවට මෙවරද පත්ව ඇත්තේ සිරියාවේ දැමස්කස් නුවරයි.

බංග්ලාදේශයේ ඩකා, නයිජීරියාවේ ලාගෝස්, පාකිස්ථානයේ කරච්චි, සිම්බාබ්වේ හරාරේ, ලිබියාවේ ට්රිාපොලි යන නගර ජීවත් වීමට නසුදසු ම නගර ලෙස අදාල සමීක්ෂණයෙන් අනාවරණය කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News