Citizen.lk
 

මාලිංග අපේ සැලසුම්වල ඉන්නවා අපි ඔහුට වෙනස්ව සලකන්නේ නෑ- හතුරුසිංහ කියයි

මාලිංග අපේ සැලසුම්වල ඉන්නවා  අපි ඔහුට වෙනස්ව සලකන්නේ නෑ- හතුරුසිංහ කියයි   | hathurusinghe  say - Malinga is in our plans
Sun 12 August 2018 12:13 pm
2,324 views

ලසිත් මාලිංග ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සැලසුම්වල සිටින නමුත් දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වා ඔහු කණ්ඩායමට පැමිණිය යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි.

“මාලිංග අපේ සැලසුම්වල ඉන්නවා. ඔහු දේශීය පිටියට අවිත් දේශීය තරග ක්‍රීඩා කළ යුතුයි. අප කිසිවෙකුත් ඉවත් කරන්නේ නෑ. කණ්ඩායම තමයි අංක එක. කණ්ඩායම් සංස්කෘතිය ආරක්ෂා කර ගත යුතුයි.

අපි ඔහුට වෙනස්ව සලකන්නේ නෑ. ඔහු හොඳ ක්‍රීඩකයෙක්. ඔහු පෙන්විය යුතුයි අතීතයේදී කළ දේ තවත් ඔහුට කළ හැකියි කියා. පන්දුවෙන් පමණක් නොව පන්දු රැකීමෙනුත් එය සිදුවිය යුතුයි. ඔහුට හොද අවස්ථාවක් තිබෙනවා දේශීය විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කරන්න. ඔහු දක්ෂතා දැක්වුවහොත් ඔහු අපේ සැලසුම්වලට ඒවි”

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News