Citizen.lk
 

ඉම්රාන් ඛාන්ගේ දිව්රුම් දීමේ උත්සවය ලබන 18 වැනිදා දක්වා කල් යයි

ඉම්රාන් ඛාන්ගේ දිව්රුම් දීමේ උත්සවය ලබන 18 වැනිදා දක්වා කල් යයි | Imran Khan's swearing-in ceremony promises to take place on July 18
Sat 11 August 2018 11:12 am
255 views

තමා පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සඳහා ඉන්දීය ක්‍රිකට් ප්‍රවීනයන් වන කපිල් දේව්, සුනිල් ගවස්කාර් සහ නව්ජෝත් සිං සිධු වෙත ඇරයුම් කළ බව ඉම්රාන් ඛාන් පවසනවා.

සිය තෙහෙරීක් - ඉ - ඉන්සාෆ් පක්ෂය පසුගිය දා පැවති මහමැතිවරණයෙන් ජය ගැනීමෙන් අනතුරුව අද (11) දිනයේ දිවුරුම්දීමටයි ඔහු සැලසුම් කර තිබුණේ.

එහෙත් සන්ධානයක් ගොඩ නැගීමේ සාකච්ඡා හේතුවෙන් එම දිනය කල් දැමීමට පියවර ගැනුණා.

ඒ අනුව ලබන 18 වන දා තමා පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන බව ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළා.

පාකිස්තානයේ ක්‍රිකට් නායකයෙකු වූ ඉම්රාන් ඛාන් සිය ක්‍රීඩා දිවියේ ඉන්දීය සඟයන්ට ආරාධනා කරන බව කලින් ප්‍රකාශ කළ ද ඔහුගේ පක්ෂය එම වාර්තා ප්‍රතික්ෂේප කර තිබුණා.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News