Citizen.lk
 

අවුරුදු 35 ට අඩු නම් ත්‍රිවීල්වල මගීන් ගෙන යන්න බෑ

අවුරුදු 35 ට අඩු නම් ත්‍රිවීල්වල මගීන් ගෙන යන්න බෑ |  If passengers are less than 35 years old, they can not take triple passengers
Sat 11 August 2018 10:16 am
525 views

ත‍්‍රිරෝද රථවල මගී ප‍්‍රවාහනය සඳහා අවුරුදු 35 ට වැඩි හා අවුරුදු 70 ට අඩු පුද්ගලයින්ට පමණක් අවසර ලබා දීමට ප‍්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

අදාළ තැනැත්තන් අවුරුදු 35 ට නොඅඩු සහ අවුරුදු 70 ට නොවැඩි විය යුතු බවත්, මෝටර් ට‍්‍රයිසිකල් ධාවනය සඳහා රියැදුරු බලපත‍්‍රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් වසර දෙකක කාල සීමාවක රිය පැදවීමේ පළපුරුද්දක් තිබිය යුතු බවත් මේ සම්බන්ධව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අංක 2081/44 දරණ අතිවිශේෂ ගැසට් පත‍්‍රයේ සඳහන් වනවා.

සුදසුකම් සම්පූර්ණ කර ඇති පුද්ගලයින් වෛද්‍ය සහතිකයක්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අදාළ තැනැත්තා ලියාපදිංචි වී නොමැති බවට තහවුරු කෙරෙන පොලිස් වාර්තාවක් සහ රුපියල් දෙදහසක ගාස්තුවක් සමඟ ත‍්‍රිරෝද රථවල මඟී ප‍්‍රවාහනය සඳහා අවුරුදු 35 ට වැඩි හා අවුරුදු 70 ට අඩු පුද්ගලයින්ට පමණක් අවසර ලබා දීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

සුදසුකම් සම්පූර්ණ කර ඇති පුද්ගලයින් වෛද්‍ය සහතිකයක්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අදාළ තැනැත්තා ලියාපදිංචි වී නොමැති බවට තහවුරු කෙරෙන පොලිස් වාර්තාවක් සහ රුපියල් දෙදහසක ගාස්තුවක් සමඟ මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මඟින් ප‍්‍රවාහනය සඳහා අදාළ ත‍්‍රිරෝද රථයට අවසර ලබා දෙන විශේෂ පිටසන මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලබන බවයි එම ගැසට් පත‍්‍රයේ සඳහන් වන්නේ.

මෙම විශේෂ පිටසන නොමැතිව ත‍්‍රිරෝද රථවල මගී ප‍්‍රවාහනය තහනම් වන බව ද මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන නමුත් නව නීතිය කවදා සිට ක‍්‍රියාත්මක වන බවක් එහි සදහන්ව නැහැ.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News