Citizen.lk
 

කඳුකරයේ ආගන්තුක ශාක ඉවත්කරන්න රජය සැරසෙයි

කඳුකරයේ ආගන්තුක ශාක ඉවත්කරන්න රජය සැරසෙයි | The government is planning to remove plants from the hill country
Fri 10 August 2018 8:53 pm
160 views

මධ්‍යම කඳුකරයේ වවා ඇති යුකැලිප්ටස්, ෆයිනස්, ඇකේෂියා, ඇතුළු පරිසර හිතකාමි නොවන වගාවන් ඉවත් කර ඒ වෙනුවට දේශීය ශාඛ වැවීමට රජය පියවර ගෙන තිබෙනවා.

අක්කර 3,50,000 කට අධික ප‍්‍රමාණයක ෆයිනස් ඇකේෂියා හා යුකැලිප්ටස් වැනි විදේශීය ශාක වර්ග වවා ඇති අතර වාණිජ වගාවන් ලෙස වවා ඇති මෙම ශාක හේතුවෙන් මධ්‍ය කඳුකරයේ ජල පෝෂක විනාශ වන බවත් යටි වගාවන් වැනසී යාම නිසා පස සේදී යන බවත් පරිසර විද්‍යාඥයින් කලක් තිස්සේ පෙන්වා දෙනු ලබනවා.

කෘෂිකර්ම අමාත්‍යංශය පරිසර අමාත්‍යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් එක්ව මෙම කටයුත්ත කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (10) පවසා සිටියේ.

ඉක්මණින්ම මෙම ආගන්තුක ශාක මධ්‍ය කඳුකරයේ සංවේදී පරිසරයෙන් ඉවත්කර දේශීය ශාක වවන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දුන් බවත් ඒ අනුව මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බවත් මී, පලූ, වීර, කොස්, ඉඟිනි, මොර, කළුවර ඇතුළු දේශීය ශාක මේ සඳහා යොදා ගන්නා බව ද මෙහි ආරම්භක ව්‍යාපෘතිය හපුතලෙන් ආරම්භ කරන බව ඔහු එහිදී කියා සිටියා.

හපුතලේ දියතලාව ප‍්‍රදේශවල අක්කර 100 කට අධික ෆයිනස් වගාවක් ඉවත් කර දේශීය ශාඛ වැවීමට මේ වනවිට සියල්ල සුදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

( 6 views)

You may also like

( 6 views)

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News