Citizen.lk
 

නඩු ප්‍රමාදයට හේතුව අගවිනිසුරු පැහැදිළි කරයි

නඩු ප්‍රමාදයට හේතුව අගවිනිසුරු පැහැදිළි කරයි | The CJ explained the reason for the delay
Fri 10 August 2018 8:23 pm
135 views

නඩු ප‍්‍රමාදය නිසා අධිකරණය කෙරෙහි ජනතාව තුල ඇති විශ්වාසය නැතිවී ඇති බැවින් නඩු කටයුතු කඩිනම් කර ජනතාවට අධිකරණය කෙරෙහි විශ්වාසය ගොඩ නැගීමට නීතිපති දෙපාර්තමේන්තුව, විනිසුරුවරුන්, නිතීඥවරුන්, පොලීසිය, බන්‍ධනාගාරය, යන අධිකරණයට සම්බන්ධ සියලූ පාර්ශවයන් ක‍්‍රියා කළයුතු බව අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතා පවසනවා.

ඒ අද (10) රත්නපුරේ දී රුපියල් මිලියන 2500ක වියදමකින් රත්නපුර නව නගරයේ ඉදිකිරිමට යෝජිත සිව්මහල් නව අධිකරණ සංකීර්ණයට මුල්ගල් තැබීමෙන් අනතුරව රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණ ශාලාවේ පැවති උත්සවයට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ.

පළාත්බද අභියාචනාධිකරණය ද ඇතුලූව මහාධිකරණ තුනක්, දිසා අධිකරණ දෙකක්, මහෙස්ත‍්‍රාත් අධිකරණ දෙකක් සහ කම්කරු විනිශ්චය සභාවක් මෙම අධිකරණ සංකීර්ණය ස්ථාපිත කිරීමට යෝජිතයි. වසර තුනක් ඇතුළත එහි ඉදිකිරීම් අවසන් කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

“අධිකරණයේ ස්වාධීනත්වය කිසිදු බලපෑමක් නැති බව අගවිනිසුරුවරුයා ලෙස මම අවධාරණය කරනවා. නඩු ප‍්‍රමාදයි කියලා ජනතාව අතර මතයක් ඇති වෙලා තියනවා. ඊට හේතුව තියෙන නඩු විසඳීමේ ප‍්‍රමාදයයි. නඩු ප‍්‍රමාද වෙන්නත් හේතු තියනවා. ජනගහන වර්ධනයත් නඩු වැඩිවීමට බලපානවා. ඒ වගේම ආර්ථිකය දියුණුවීමත් සමග වානිජ අංශ සංකීර්ණ වෙනවා. එතකොටත් නඩු වැඩි වෙනවා. අධිකරණ ප‍්‍රමාණවත් නොවුණම නඩු ප‍්‍රමාද වෙනවා. නඩු පමා වෙනකොට අධිකරණයටයි, නීතීඥ මහත්වරුන්ටයි දොස් තියනවා.

මේක ලංකාවේ පමණක් තියන තත්ත්වයක් නෙවෙයි. ඉන්දියාවේ හිටපු අගවිනිසුරුවරයෙක් වූ ක‍්‍රිෂ්ණරාජා විනිසුරුවරයා කියලා තිබුණා ඉන්දියාවේ තියන නඩුගොනු ටික එකපිට එක තිබ්බොත් හිමාලයටත් වඩා උසයි කියලා.

ඒ නිසා නඩු ප‍්‍රමාදය අවම කිරිමට විනිසුරුවරුන් ක‍්‍රියා කළ යුතුයි. ඒ සඳහා නීතීඥවරුන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය, බන්‍ධනාගාරය, අධිකරණයට සහාය විය යුතුයි. ඒක අපි කරන යුතුකමක් සහ වගකීමක්.

අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් ඇතිවෙලා නෑ. කිසිම කෙනෙකුගෙන් අධිකරණයට බලපෑම් නෑ. නඩු තීන්දුවකින් අතෘප්තියට පත් වුණොත් ඒ පුද්ගලයාට ඉහළ අධිකරණයකට අපෑලක් ඉදිරිපත් කළ හැකියි. කිසිදු විනිසුරුවරයෙක් පක්‍ෂපාතීව තීන්දු දෙන්නෙ නෑ. හැම විනිසුරුවරයෙක්ම තමන් ස්වාධීන බව රටවැසියාට මෙන්ම තමන්ටත් ඇතිකරගත යුතුයි. ජනතාව තුල විශ්වාසය නැතිවන කිසිදු කාරණවක් විනිසුරුවරයෙක් අතින් සිදු නොවිය යුතුයි. විනිසුරුවරයා සාධාරණ ලෙස සවන්දීලා, කටයුතු කරනවිට රටවැසියා අධිකරණය කෙරෙහි විශ්වාසය ඇති කරගන්නවා.

ඉස්සර වගේ නෙවෙයි දැන් හැම ප‍්‍රධාන නගරයක් ආශ‍්‍රිතවම අධිකරණයක් තියනවා. ඒක මහජනතාවට පහසුවක්. දැන් පාර්ලිමේන්තුවත් අවබෝධකරගෙන තියනවා නඩු ප‍්‍රමාදවීමට අධිකරණ ප‍්‍රමාණාත්මක නොවන බව. ඒ නිසා පාර්ලිමේන්තුව අධිකරණයට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුව තිබෙනවා.”

Latest News

( 3 views)

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News