Citizen.lk
 

මහනුවර ඇසළ පෙරහැර ඉරිදා ඇරඹෙයි

මහනුවර ඇසළ පෙරහැර ඉරිදා ඇරඹෙයි | Kandy Esala Perahera commences
Fri 10 August 2018 3:53 pm
99 views

මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය ඉරිදා (12) ආරම්භ වී මේ මස 26 වැනි දා දක්වා පැවැත්වෙන බව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද (10) මහතා පවසනවා.

සම්ප්‍රදායානුකූලව ඉරිදා (12) පෙරවරු 6 පසුවී විනාඩි 2ට යෙදෙන සුබ මොහොතින් කප් සිටුවීම සිදුකෙරන බවයි කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දියවඩන නිලමේ කියා සිටියේ.

කුඹල් පෙරහර මේ මස 16 වැනි දා පස්වරු 6.16 ට ආරම්භ වී දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ විදිය, යටිනුවර වීදිය,රජවීදිය ඔස්සේ පැමිණ ගෙවදීමට නියමිතයි.

කුඹල් පෙරහර 17, 18, 19 සහ 20 යන දිනවල පැවැත්වෙන අතර දිනපතා එම පෙරහර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළට විත් යෙදීවිමට නියමිතව ඇත්තේ.

Latest News

( 3 views)

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News