Citizen.lk
 

පාර්ලිමේන්තු වාද විවාද වලට පැෆරල් සහයෝගය

පාර්ලිමේන්තු වාද විවාද වලට පැෆරල් සහයෝගය  | PAFFREL supports Parliamentary debates
Fri 10 August 2018 3:25 pm
73 views

පාර්ලිමේන්තුවේ වාදවිවාද වලට සහභාගී වන මැති ඇමැතිවරුන්ට ඵලදායි ලෙස කරුණු ඉදිරිපත් කිරීම සඳහා විෂයානුකූල දැනුම ලබාදීමෙන් සහය වීමට පැෆරල් සංවිධානය සැරසෙනවා.

දේශීය විදේශීය වශයෙන් කරුණු සොයා දීමෙන් සහය වීම මෙහිදී සිදුකෙරෙන බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.

දැනට බොහෝ විට සිදුවන්නේ දේශපාලනමය කරුණු පමණක් ඉදිරිපත් කිරීම හා විෂයයන්ට අදාළ නොවන කරුණු ඉදිරිපත් කිරීම බවත් පැෆරල් සංවිධානය ඉදිරිපත් කරන විද්වත් මඩුල්ලෙන් ඕනෑ අවස්ථාවල දී ඕනෑම මන්ත්‍රීවරයකුට හෝ ඇමැතිවරයකුට කරුණු ලබා ගත හැකි බව ඔහු කියා සිටියේ.

මේ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහය ලබා ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් අස්සන් කරන බවයි රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Latest News

( 3 views)

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News