Citizen.lk
 

පීඩාවට පත් දුම්රිය මගීන් සනසන්න දුම්රිය කීපයක් කොළඹ එයි

පීඩාවට පත් දුම්රිය මගීන් සනසන්න දුම්රිය කීපයක් කොළඹ එයි | Several trains will be operated in Colombo to comfort affected passengers
Fri 10 August 2018 12:57 pm
179 views

මේ වනවිට දුම්රිය කීපයක් කොළඹ කොටුවට පැමිණෙමින් තිබෙන බවත් අද (10) සවස වන විට දුම්රිය ධාවනයේ වර්ධනයක් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය සමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා පවසනවා.

මේ වන විට හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය දෙකක් ධාවනය කර තිබෙන අතර ඉන් එක් දුම්රියක් කොළඹ කොටුවට පැමිණ තිබෙනවා.

මීට අමතරව මහනුවර, මහව, රඹුක්කන මාතර,ගාල්ල, අනුරාධපුරය සහ අවිස්සාවෙල්ල සිට ද එක් දුම්රිය බැගින් කොළඹ කොටුව දක්වා පැමිණෙන බව ඒ මහතා කියා සිටියේ.

උද්ගත වී ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා අද සවස් වන විට ධාවනය වන දුම්රිය ප්‍රමාණය තවදුරටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News