Citizen.lk
 

ට්‍රම්ප් අභ්‍යවකාශ හමුදා බලඇණියක් නිර්මාණය කිරීමට සැරසෙයි

ට්‍රම්ප් අභ්‍යවකාශ හමුදා බලඇණියක් නිර්මාණය කිරීමට සැරසෙයි | To build a flash space spacecraft
Fri 10 August 2018 12:49 pm
329 views

විශේෂ අභ්‍යවකාශ හමුදා බලඇණියක් නිර්මාණය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, එරට ජාතික අභ්‍යවකාශ කවුන්සිලයේ තෙවන සැසිවාරයට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, 2020 වසර වන විට අමෙරිකානු හමුදාවේ 6 වන ශාඛාව ලෙස එම බලකාය පිහිටුවීම තම අරමුණ බවයි.

මෙම යොජනාව සඳහා අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අභියෝගාත්මක වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් හිටපු අභ්‍යවකාශ ගවේෂකයෙකු හා විශ්‍රාමික එක්සත් ජනපද නාවික හමුදාවේ කපිතාන් මාර්ක් කෙලී ප්‍රකාශ කළේ, 1947දී අමෙරිකානු ගුවන් හමුදාව ස්ථාපිත කිරීම සමග සංසන්දනය කිරීමේදී අභ්‍යවකාශයටම කැප වූ වෙනම මිලිටරි අංශයක් නිර්මාණය කිරීම අතිරික්ත හා නාස්තිකාර ක්‍රියාවක් බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News