Citizen.lk
 

රාජපක්ෂ ආණ්ඩුවේ ඇස්තමේන්තුවටම යහපාලන ආණ්ඩුව අත්තනගල්ල ජල ව්‍යාපෘතිය කිරීමට යයි

රාජපක්ෂ ආණ්ඩුවේ ඇස්තමේන්තුවටම යහපාලන ආණ්ඩුව අත්තනගල්ල ජල ව්‍යාපෘතිය කිරීමට යයි | The government is doing the good thing for the Rajapaksa government's leeway to complete the Attanagalla water project
Fri 10 August 2018 11:41 am
86 views

යෝජිත අත්තනගල්ල ජල ව්‍යාපෘතිය හරහා දූෂණ රැසක් සිදුවන බව පවසමින් අත්තනගල්ල ප්‍රදේශවාසීහු පිරිසක් අද (10) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට සූදානම් වී සිටින බවට වාර්තා වනවා.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන මෙම ජල ව්‍යාපෘතිය පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බවයි වාර්තා වන්නේ.

එම රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 32ක් ඇස්තමේන්තු කර තිබූ අතර එවකට විපක්ෂය වූ වත්මන් ආණ්ඩු පාර්ශ්වය චෝදනා කළේ එම ව්‍යාපෘතියට මෙතරම් මුදලක් වැය නොවන බවයි.

අත්තනගල්ල ජල ව්‍යාපෘතිය රුපියල් බිලියන 18ක් පමණ වැය වන බව ඔවුන් එදා සඳහන් කළේය.

එසේ වුවද වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසුවද මෙම ජල ව්‍යාපෘතිය පිළිබඳ කිසිඳු ඇගයීමක් නොකර යළිත් එම ව්‍යාපෘතිය ආරම්භ කිරිමට යන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරනවා.

මෙම ව්‍යාපෘතියේ අක්‍රමිකතා සිදුවන බව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළද ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගත් බවයි ප්‍රදේශවාසීහු කියා සිටින්නේ.

Latest News

( 5 views)

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News