Citizen.lk
 

බණ්ඩාරනායක ජැටියෙන් 70%ක් චීනයට විකිණිමේ සුදානමක්

බණ්ඩාරනායක ජැටියෙන් 70%ක් චීනයට විකිණිමේ සුදානමක් | 70% of the Bandaranaike jetty is being sold to China
Fri 10 August 2018 10:05 am
108 views

කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියෙන් 70%ක් චීනයට විකිණීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව දූෂණ විරෝධී හඬ අනාවරණය කරනවා.

මේ පිළිබඳව කරුණු හෙළිදරව් කරන දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජ.වි.පෙ. මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ මහතා පැවැසුවේ කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියෙන් 70%ක් චීනයට හා 30%ක් දේශීය සමාගම් දෙකකට විකිණීමට වරාය අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණයකර ඇති බවයි.

ඒ අනුව අදාළ ජැටිය වරාය සම්බන්ධ සියලු කටයුතු මෙන්ම එහි වෙළෙඳ සංකීර්ණයක් හා ඇවිදින මංතීරු සේවාවක් සඳහා යොදා ගැනීමට කටයුතු සලසා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු වැඩිදුරටත් පැවැසුවේ මේ වනවිට කොළඹ නැඟෙනහිර වරාය විකිණීමටද අවශ්‍ය කටයුතු දියත් කරමින් සිටින අතර මෙසේ සියලු කොටස් විදේශයට විකිණීමට කටයුතු කිරීමෙන් අවසානයේ ඉතිරි වන්නේ ජයබහලුම් පර්යන්ත ඒකකය පමණක් බවයි.

Latest News

( 5 views)

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News