Citizen.lk
 

බස්නාහිර පළාත් සභාවට ලක්ෂ හයේ පුටු 104ක්

බස්නාහිර පළාත් සභාවට ලක්ෂ හයේ පුටු 104ක් | Four hundred and four hundred chairs for the WPC
Fri 10 August 2018 8:58 am
108 views

බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ එක් මන්ත්‍රී පුටුවකට රුපියල් ලක්ෂ හයහමාර බැගින් මුදල් වෙන්කරමින් විදේශයන්ගෙන් පුටු ආනයනය කිරීමට තීරණයක් ගෙන ඇතැයිද වහාම ඊට මැදිහත්වන්නැයි ද ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

මෙම තීරණයට අනුව එකක් රුපියල් ලක්ෂ හයහමාර බැගින් පුටු 104ක් ආනයනය ට දැනටමත් ඇණවුම් කර ඇතැයිද මෙම පුදුමාකාර මිලදී ගැනීම වළක්වන්නැයි ද ජවිපෙ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා විසින් යොමු කරන ලද එම ලිපියේ සඳහන් වනවා.

පළාත් සභාවේ සියලු ආයතන එක් තැනකට ගෙන ඒම යහපත් නමුත් එක් පුටුවකට මෙවැනි මුදලක් වැයකිරීම පුදුම සහගත එකඟ විය නොහැකි කරුණක් යැයි ඔහු එම ලිපියෙන් පෙන්වා දෙන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News