Citizen.lk
 

දුම්රිය වර්ජනය තවදුරටත්

දුම්රිය වර්ජනය තවදුරටත් | Train Strike Sri Lanka
Fri 10 August 2018 7:55 am
82 views

වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමිනුයි.

මේ හේතුවෙන් මඟීන් දහස් ගණනක් සිය දෛනික ප්‍රවාහන සේවා සපයා ගැනිමේ දුෂ්කරතාවකට මුහුණදී සිටින අතර දුම්රිය වෘත්තිය සමිති පවසන්නේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ නමුත් ඊයේ(09) පස්වරුවේ දුම්රිය 08ක් කොළඹ කොටුවේ සිට දුර බැහැර ප්‍රදේශවලට යොමු කිරීමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන තිබුණා.

එමෙන්ම අද(10) උදෑසන 04.45ට පමණ මහව දුම්රිය ස්ථානයේ සිට කොළඹ බලා දුම්රියක් පිටත් වු බවටද තොරතුරු වාර්තා වෙනවා.

ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සියලු වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක් කර තිබෙන්නේ වර්ජනය නවත්වා සාකච්ඡාවට පැමිණෙන ලෙසයි.

දුම්රිය සේවකයින්ට වැටුප් වැඩ කළහොත් සමස්ත රාජ්‍ය සේවයම අර්බුදයකට ලක්වනු ඇති බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ ප්‍රකාශ කර සිටියා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News