Citizen.lk
 

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී කෞෂිත සංකේෂ් නොදැවී 170

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී කෞෂිත සංකේෂ් නොදැවී 170 | Kaushitha Sankesh unbeaten on 170
Thu 09 August 2018 1:33 pm
254 views

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී මොරටු විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 170ක් රැස් කිරීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ දකුණත් ආරම්භක පිතිකරු කෞෂිත සංකේෂ් සමත්වුණා.

මෙම තරගයේදී දක්ෂ පිතිකරණයකනියැළුණු කෞෂිත සංකේෂ් පන්දු 182කදී හතරේ පහර 23ක් සහ හයේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 170ක් රැස් කළේ.

මෙම තරගවලදී ගාල්ල මහින්ද, මොරටුව ශාන්ත සෙබස්තියන්, කොළඹ තර්ස්ටන්, බම්බලපිටිය ශාන්ත පීතර සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි යන කණ්ඩායම් ජය ලැබූහ.

ගාල්ල මහින්ද - මොරටු විද්‍යාලය
ගාල්ල මහින්ද: 280/4 (පන්දුවාර 50) කෞෂිත සංකේෂ් නොදැවී 170, කෝසල උදයංග 25, සිතිර හේලිත 23, කවීෂ මල්ලියාවඩු නොදැවී 14, ගිහාන් තරුෂ 12 මොරටු විද්‍යාලය: 97 (පන්දුවාර 25) නිරාජ් කෞෂික 25, හෂේන් ආදිත්‍ය 14, කුෂාන් මධූෂ 18/4, කවීෂ මල්ලියාවඩු 27/2, ඔසිනු කාවින්ද්‍ය 30/2

ගාල්ල මහින්ද විද්‍යාලයට ලකුණු 183ක ජයක්.

මොරටුව ශාන්ත සෙබස්තියන් - මහනුවර ශාන්ත සිල්වෙස්තර ශාන්ත සිල්වෙස්තර: 124 (පන්දුවාර 41.4) දිලන්ත වික්‍රමසිංහ 44, චරිත් රාජගුරු 27, නිශාන්ත ජයවර්ධන 20, නදීර ප්‍රනාන්දු 23/4, ජනිෂ්ක පෙරේරා 27/4 ශාන්ත සෙබස්තියන්: 125/1 (පන්දුවාර 19) දුනිත් ජයතුංග නොදැවී 65, කවිඳු රොද්‍රිගෝ 28, සුඛිත ප්‍රසන්න නොදැවී 25
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

කොළඹ තර්ස්ටන් _ ගාල්ල විද්‍යාලෝක
තර්ස්ටන්: 187 (පන්දුවාර 49.2) භවන්ත ජයසිංහ 44, රමේෂ් සිල්වා 42, සුරම් පෙරේරා 25, ප්‍රසන්න පුෂ්පකුමාර 24, නදීර ඉෂාන් 23/3, රිෂාන් චාමික 30/3, කාවින්ද බස්නායක 17/2
විද්‍යාලෝක: 73/4 (පන්දුවාර 27) කාවින්ද බස්නායක නොදැවී 18
කොළඹ තර්ස්ටන් විද්‍යාලයට පැරබෝලා ක්‍රමයට ලකුණු 59ක ජයක්.

බම්බලපිටිය ශාන්ත පීතර - වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් ශාන්ත ජෝශප් වාස්: 197/7 (පන්දුවාර 50) දියන පතිරණ නොදැවී 50, ෂෙරාන් අමිඳු 42, පසිඳු දසනායක 20, ෂෙනුර ප්‍රනාන්දු 29, මොනිල් සිල්වා 27/3 ශාන්ත පීතර: 198/3 (පන්දුවාර 32.3) රිෂිත සංතුෂ් 58, ෂෙනුල් බොතේජු 53, භානුක ද සිල්වා 29, හිම්තර රම්දිනි නොදැවී 24, සෙනුර ප්‍රනාන්දු 46/2
බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

කටුගස්තොට ශාන්ත අන්තෝනි - මහනුවර ධර්මරාජ
ධර්මරාජ: 148/7 (පන්දුවාර 39) යසිත සමරරත්න නොදැවී 38, ජනිඳු යාපා 23, ප්‍රභාත් සචින් 8/2, නිම්නක ජයතිලක 16/2 ශාන්ත අන්තෝනි: 121/6 (පන්දුවාර 26) ප්‍රභාත් සචින් 36, තරිඳු හේවගේ 27, තුෂාන් හේරත් 10/2, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 21/2
කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට පැරබෝලා ක්‍රමයට කඩුලු 4ක ජයක්.

ගාල්ල රිච්මන්ඩ් - වත්තල ශාන්ත අන්තෝනි
රිච්මන්ඩ්: 207/8 (පන්දුවාර 50) නිර්මාල් යශෝද් 50, දිමුත් සඳරුවන් 45, ඉනුර ප්‍රභාත් 34, ගිහාන් තෂ්මික 31/3, කවීෂ දුලංජන 38/2 ශාන්ත අන්තෝනි: 59/2 (පන්දුවාර 7.3) අවිෂ්ක තරිඳු 24
තරගය විසඳුමකින් තොරව අවසන් විය.

කොළඹ ඉසිපතන - පන්නිපිටිය ධර්මපාල
ඉසිපතන: 309/9 (පන්දුවාර 50) තෙවිඳු දික්වැල්ල 120, රවිඳු රත්නායක 74, සවිඳු උත්සර 32, ලෙෂාන් අමරසිංහ 25, විහඟ ගුණරත්න 29/3, සංචන ලංකා 37/2 ධර්මපාල: 111 (පන්දුවාර 37.5) සංචන ලංකා 41, තරුෂ පෙරේරා 16/3, ලෝමිත රවිනාත් 17/2, යසිරු කස්තුරිආරච්චි 24/2
කොළඹ ඉසිපතන විද්‍යාලයට ලකුණු 198ක ජයක්.

ගල්කිස්ස ශාන්ත තෝමස් - පිලියන්දල මමවි
ශාන්ත තෝමස්: 316/5 (පන්දුවාර 50) රවිඳු ද සිල්වා නොදැවී 119, උමයංග සුවාරිස් 84, දිල්මින් රත්නායක 25, ශලින් දිල්හාර 23, චමෝද් සඳරු 54/3 පිලියන්දල මමවි: 153/6 (පන්දුවාර 39) හේෂර දිල්කිත් 41, චමෝද් සඳරු 36, දිල්මින් රත්නායක 12/2

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට පැරබෝලා ක්‍රමයට ලකුණු 129ක ජයක්.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News