Citizen.lk
 

උතුරු කොරියාවෙන් රෙදි පිළි ආනයනය කර ඇති බවට පළ වන වාර්තා අසත්‍යක්

උතුරු කොරියාවෙන් රෙදි පිළි ආනයනය කර ඇති බවට පළ වන වාර්තා අසත්‍යක් | Reports that North Korea has been imported textiles
Thu 09 August 2018 10:16 am
187 views

උතුරු කොරියාවෙන් ශ්‍රී ලංකාව රෙදි පිලි ආනයනය කර ඇති බවට පළ වන පුවත් වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

2017 ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදි පිලි ආනයනය කර ඇති බවට පුවත් වාර්තා පළ කර තිබෙනවා.

අදාළ පුවත් වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වාදෙන්නේ එම තොරතුරු සාවද්‍ය බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව සතු ජාත්‍යන්තර බැඳීම් අනුව කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජන රජය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මත වල ප්‍රතිපාදන වලට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙනවා.

අදාළ යෝජනා සම්මත වලට පටහැනිව ශ්‍රී ලංකාව කටයුතු කර නොමැති අතර එම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ගැසට් මගින් ද ප්‍රකාශයට පත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටින්නේ.

ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදි පිලි ආනයනය කර නොමැති අතර රේගුවේ ස්වංක්‍රීය දත්ත ක්‍රියායන පද්ධතියයට රේගු කාර්යාල නියෝජිතයින් විසින් දත්ත ඇතුළත් කරන ක්‍රියාවලියේදී වැරදීමක් සිදුව ඇති බවයි විදේශ කටයුතු අමාතයංශය ප්‍රකාශ කරන්නේ.

කොරියානු ජනරජය වෙනුවට කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස වැරදීමකින් අවස්ථා කිහිපයකදී තෝරාගෙන ඇති අතර අදාළ අත්වැරදීම පිළිබඳ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

යලි එවැනි වැරදි සිදුවීම වැලැක්වීම සදහා වූ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකා රේගුව ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News