Citizen.lk
 

කාවේරි ද්‍රෝණියේ තෙල් ගෑස් නිධි ගවේෂණය යළි අරඹයි

කාවේරි ද්‍රෝණියේ තෙල් ගෑස් නිධි ගවේෂණය යළි අරඹයි | Cuban oil exploration begins
Wed 08 August 2018 4:55 pm
282 views

වසර පහක් තිස්සේ නැවතී තිබු මන්නාරම හා කාවේරි ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිධි ගවේෂණය ලබන මස මුල් සතියේ යළි ආරම්භ කිරිමට ප්‍රංශයේ මෝටල් සමාගම කටයුතු යොදා තිබෙනවා.

මෙම සමාගම විසින් ජේ.එස්.05 සහ ජේ.එස්.06 කොටස්වල ගවේෂණ කටයුතු ඒ අනුව ආරම්භ කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේ.

මන්නාරම, කාවේරි සහ ලංකා ද්‍රෝණිය යාපනයේ සිට ගාල්ල දක්වා තෙල් හා ස්වභාවික ගෑස් නිධි කොටස් 25 ක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

ඉන්දියාවේ කායිරන් නැමති සමාගම 2007 වසරේ සිට තෙල් හා ගෑස් නිධි ගවේෂණයේ නිරතව සිටියදී 2013 සිට එම සමාගම එම කටයුතු නතර කර දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට මුහුදු තීරයේ තෙල් හා ගෑස් නිධි ගවේෂණ කටයුතු ආරම්භ කිරිමට අදාළ ප්‍රංශයේ මෝටර් සමාගම හා ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය එකඟතා ගිවිසුමකට අත්සන් තැබු අතර මීට අදාළව ඇමැති අර්ජුන රණතුංග මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවට ද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණා.

Latest News

( 3 views)

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News