Citizen.lk
 

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සකස් කළ පුද්ගලයෙකු තලංගමදී පොලිස් අත්අඩංගුවට

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සකස් කළ පුද්ගලයෙකු තලංගමදී පොලිස්  අත්අඩංගුවට  | fake passport maker arrested
Wed 08 August 2018 10:30 am
120 views


ව්‍යාජ ලෙස විදෙස් ගමන් බලපත්‍ර සකස් කළ පුද්ගලයෙකු තලංගම, බෝධිරාජ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් කරන ලද වැටලීමකදී සැකකරු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කළ විදෙස් ගමන් බලපත්‍ර 95ක්, ලැප්ටොප් පරිගණකයක් හා ස්කෑන් යන්ත්‍රයක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු විසින් වෙනත් පුද්ගලයින්ගේ විදෙස් ගමන් බලපත්‍ර ළඟ තබාගනිමින් කොරියාව, ඉතාලිය, ප්‍රංශය, ඉන්දියාව, ඊශ්‍රායලය වැනි රටවලට ගමන්කළ හැකි වන පරිදි ව්‍යාජ ලෙස විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තලංගම, බෝධිරාජ පාර ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙක්ය.සැකකරු අද(08) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News