Citizen.lk
 

දකුණු අප්‍රිකාව සමඟ අද තරඟයට ශ්‍රී ලංකා පිලෙන් වෙනසක්

දකුණු අප්‍රිකාව සමඟ අද තරඟයට ශ්‍රී ලංකා පිලෙන් වෙනසක් | 4th ODI Sri Lanka vs South Africa
Wed 08 August 2018 10:00 am
368 views

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිවුවන එක්දින ක්‍රිකට් තරගය අද (8) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

‍තරග 5කින් සමන්විත තරගාවලිය මේ වන විටත් 3-0 ලෙසින් දකුණු අප්‍රිකානු පිල ජයගෙන තිබෙනවා.

අද තරගයේදී දග පන්දු යවන ක්‍රීඩක ප‍්‍රභාත් ජයසූරිය වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවනු ඇති බවයි වාර්තා වන්නේ.  ෆෆ් ඩු ප්ලෙසිස් ආබාධයකට ලක්වීම හේතුවෙන් අද තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ කඩුලූ රකින ක්‍රීඩක ක්යින්ටන් ඩි කොක් විසින් බවටද වාර්තා වෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප‍්‍රිකානු කණ්ඩායම හමුවේ අඛණ්ඩව එක්දින තරග 11ක් පරාජයට පත්ව තිබීම විශේෂත්වයක්.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News