Citizen.lk
 

පොල්ගහවෙල දුම්රිය අනතුරේ සැඟවුණු කතාවක් එළියට - Photos

පොල්ගහවෙල දුම්රිය අනතුරේ සැඟවුණු කතාවක් එළියට - Photos | Polgahawela Train Accident Same as 2011 Alawwa Accident
Tue 07 August 2018 10:24 am
6,510 views

ඊයේ (6) සවස පොල්ගහවෙලදී සිදුවූ දුම්රිය අනතුරෙන් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණා. එහිදී අනතුරට හේතු වූයේ කාර්මික දෝෂයක් හේතුවෙන් නවතා තිබූ දුම්රියක පිටුපස තවත් දුම්රියක් ගැටීම බවටයි වාර්තා වුණේ.

කෙසේ නමුත් මේ වන විට වාර්තා වන්නේ එලෙසින් නවතා තිබූ දුම්රියේ පිටුපසින් පැමිණ ගැටුණු අනෙක් දුම්රිය මීට පෙරද එලෙසින්ම අලව්වේදී අනතුරට පත්ව ඇති බවයි. 2011 වසරේදී සිදුවූ එම අනතුරින් 5 දෙනෙකු මියගොස් 30කට අධික පිරිසක් තුවලා ලැබුවා.

2011 වසරේ අනතුරෙන් පසුව දුම්රිය අලුත්වැඩියා කරනු ලැබූ අතර දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසන්නේ ඊයේ අනතුරට හේතුව එම දුම්රියේ කිසියම් දෝෂයක් දැයි සැක මතුව ඇති බවයි. ඒ පිළිබඳව විදිමත් පරීක්ෂණයක් කරන ලෙසද ඔවුන් ඉල්ලා තිබෙනවා.

ඊයේ සිදුවු අනතුර මෙන්ම සීග‍්‍රගාමී දුම්රියක පිටුපස තවත් දුම්රියක් ගැටීමෙන් අලව්ව දුම්රිය අනතුර සිදුවුනේ 2011 වසරේ සැප්තැම්බර් මස 17 වනදායි.

2011 අනතුර

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News