මාතර සිසුවා ඝාතනයේ තුන්වන සැකකරුත් අත්අඩංගුවට

0
63
මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේ පෞද්ගලික පන්තියක් ආසන්නයේ දී උසස් පෙළ හදාරන පාසල් සිසුවෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ 03 වැනි පාසල් සැකකරුද අද (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරු 6.20ට පමණ මාතර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාතර නගරයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 17ක් වන මෙම සැකකරු ජයවීර මුහන්දිරම්ගේ සුනුරු විමුක්ති ජයවීර නැමැති වල්ගම, මාතර පදිංචි අයෙක්.

මෙම සැකකරු ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය පැදවූ අය බවට පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි සඳහන් කෙරුණේ. සැකකරුව අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙවන සැකකරු ඊයේ (26) දහවල් මාතර පොලිස් අධිකාරී කාර්යාලයට භාර වී තිබුණා.

ඒ ප්‍රධාන සැකකරුද ඊයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වීමෙන් අනතුරුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here