රැදිවියන් ගෙන ගිය බන්ධනාගාර බස්රිය ගාල්ලේදී අනතුරට ලක්වෙයි

0
66

මාතර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා රැදවියන් හය දෙනෙකු රැගෙන යමින් තිබු බන්ධනාගාර බස්රථයක් ගාල්ල සමුද්‍ර මාවතට පිවිසෙන මංසන්ධියේදී අනතුරට ලක්ව තිඛෙනවා.

අද උදාසන 4 යි 30 ත් 4 යි 45 ත් අතර කාලයේදී බස්රථය මාර්ගයෙන් ඉවතට පැන අසල වු දුරකථන කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි නිවුස් රේඩියෝ වාර්තාකරු කියා සිටියේ.

සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර බන්ධනාගාර බස්රථයට හානි සිදුව තිඛෙනවා. බස්රථය ධාවනය කළ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here