රන්ජන්ගේ නඩුවත් කල්යයි

0
58

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ල පෙබරවාරි මස 26 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(07) නියම කළේය.

එම පැමිණිල්ල අද ඊවා වනසුන්දර සහ එල්. ටී.බී .දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර රංජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය. රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පැමිණිල්ලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත්කළ නොතීසිය තම සේවාදායකයා වෙත ලැබී නොමැති බවත් එහෙත් ඔහු අද දින අධිකරණය හමුවේ පෙනී සිටින බවත් දන්වා සිටියේය.

එමෙන්ම මෙම නඩුවට පාදක වී තිබෙන වග උත්තරකරුගේ ප්‍රශ්නගත ප්‍රකාශය අඩංගු බව කියන සංයුක්ත තැටි ද තමන් වෙත ලැබි නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එහි ලේඛකාධිකාරී වරයාට නියෝග කළේ මෙම නඩුවට අදාළ නොතීසිය සහ ප්‍රශ්නගත ප්‍රකාශය අඩංගු සංයුක්ත තැටියේ පිටපතක් වගඋත්තරකාර පාර්ශ්වය වෙත නිකුත් කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here