රටම බලාසිටි අධිකරණ තීන්දුව අද !

0
93

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය පිටපිටම හතරවන දිනටත් අද (07) සිදු කිරීමට නියමිතය. ඒ අනුව බොහෝවිට අද දිනයේ මෙහි අවසන් තීන්දුව ප්ක‍ාරශයට පත්කරුන ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

මෙය විභාගයට ගනු ලබන්නේ අගවිනිසුරු නලින් පෙරේරා ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. මෙහිදී පාර්ශවකරුවන් විසින් තවදුරටත් කරුණු දැක්වීම් සිදු කෙරෙන බැවින් අද දිනයේද නඩුවේ තීන්දුව ලබා දීම ප්‍රමාද වනු ඇති බවයි ඇතැම් පාර්ශව පෙන්වා දෙන්නේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාද පවසා සිටියේ අද දිනයේ නඩු තීන්දුව ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හිමිව තිබෙනා කාල සීමාව ප්‍රමාණවත් නොවනු ඇති බවට තමන්ට හැඟී යන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here