මහා පරිමාණ හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 6ක් හඳුනාගනී

0
127

බේරුවල – බලපිටිය මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය මෙරටට රැගෙන ඒමට කටයුතු කළ ප්‍රධාන සැකකරු ඇතුළු 06 දෙනෙකු මේ වනවිට පොලිසිය මගින් හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කර සිටින්නේ.

එමෙන්ම ජාත්‍යන්තර මුහුදු තීරයේදී අදාළ හෙරොයින් තොගය කුඩා බෝට්ටුවට ලබාදුන් ටෝලර් යාත්‍රාව ද ඊයේ බේරුවල වරායට රැගෙන ඒමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගැනුණා.

මෙම හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here