මම දන්නවා පොට්ටු අම්මාන් නෝර්වේ ගිහින් නෑ

0
134

හිටපු අමාත්‍ය විනයාග මූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් විසින් පොට්ටු අම්මාන් විදෙස් රටක ජීවත්වන බවට පුවත්පතකට සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍යහමුවකදීය. උතුරු ප්‍රදේශයට කලපුව දිගේ පැනයෑමට ප්‍රභාකරන් සාදා තිබූ බවත් එම පැන යෑමට සිටි පුද්ගලයින් පස්දෙනෙකු සමඟ පොට්ටු අම්මාන්ද සිටි බව කේ.පී ප්‍රකාශ කර තිබූ මතක් කළ හැකි බව ඔහු සඳහන් කළේය.

කේ.පී ප්‍රකාශ කළ ආකාරයට එම ස්ථානයේදී පොට්ටු අම්මාන්ට වෙඩිල්ලක් වැදුන බවත් එම අවස්ථාවේදී පොට්ටු අම්මාන් තමන් බැඳගෙන සිටි මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා ගත් බවත් පැවසීය. ඉන් පසුව ප්‍රභාකරන් ආපසු පැමිණ එම ස්ථානයේ සිටි 75දෙනාට එක් වීම සිදු වී ඇති බව ඔහු සඳහන් කළේය. ප්‍රභාකරන්ව හැර දමා පැන යෑමට එදා කිසිවෙකුටත් ඉඩකඩ නොලැබුන බවත් ප්‍රභාකරන්ව දමා පොට්ටු අම්මාන් නෝර්වේ රජයට එදා පැන ගිය බව පැවසීමද විශාල බොරුවක් වන බව ඔහු පැවසීය. විවිධ වූ දේශපාලන ප්‍රකාශ මේ වන විට සිදු කිරීමට පටන් ගෙන ඇති බව ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here